Gossip News

ඇමරිකාවෙන් පසු චීනයත් එන්නතක් අත්හදා බලයි

ඇමරිකාව විසින් කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා නිපදවූ නව එන්නතක් මිනිසුන්ට එන්නත් කර අත්හදා බැලීම ආරම්භ කර දින දෙකක් ගතවෙත්ම චීනයද වෛරසය මැඬලීමට නිපදවූ නව එන්නතක් අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

මෙම එන්නත අත්හදා බැලීම සඳහා නිරෝගී චීන ජාතිකයන් 108ක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බව වාර්තා සඳහන් කරයි.

නිරෝගී මිනිස් සිරුරේ මෙම වැක්සීනය (වෛරසකාරක එන්නත) අත්හදා බැලීම සිය පර්‌යේෂණවල පළමු පියවර බව චීනය ප්‍රකාශ කර තිබේ.

මෙම එන්නතේ සායනික පරීක්ෂණය සඳහා චීන මහජන හමුදාව සහ හොංකොං රාජ්‍යයේ අනුමැතිය ලත් කැන්සිනො බයලොජික්ස් නම් සමාගම එක්ව කටයුතු කිරීමට නියමිත බවද පැවසේ. මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ චීන මහජන හමුදාවට අනුයුක්ත වෛද්‍ය පර්‌යේෂණ ඇකඩමිය විසිනි.

මෙම ලෝක බලවතුන්ගේ කොවිඩ් -19 ප්‍රති එන්නත් තරගය පිළිබඳව අදහස් පළ කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ එන්නතක් පිළිබඳ සායනික පරීක්ෂණය පිළිබඳව සතුටු විය හැකි නමුත් ලබන වසරේ මැද භාගය දක්වා අදාළ එන්නත් වෛරසයට එරෙහි ඖෂධයක් ලෙස නිර්දේශ කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!