Gossip

නිලාවේලී උණුසුම් වෙයි – පස් දෙනෙකු අවසන් ගමන් යයි – විස්තරේ මෙන්න

නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

අද පෙරවරුවේ පුද්ගලයින් 6 දෙනෙකු පෙරියකුලම් වැවේ නෙළුම් කොළ කැඩීම සඳහා ගොස් ඇති අතර එහිදී ඔවුන් රැගත් බෝට්ටුව පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී එක් තරුණයෙකු දිවි බේරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය පිරිස පෙරියකුලම් ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර නිලාවේලි පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!