Gossip

“ෆේස්බුක් ආයතනය සමඟ සාකච්ඡා කරනවා” – මහනුවර සිද්ධියෙන් පස්සේ අවහිර කළ ෆේස්බුක් ආයෙමත් ලැබෙන්නේ මෙන්න මේ විදිහටයි

මහනුවර ඇතිවුණු ගැටුම්කාරී තත්ත්වයෙන් පස්සේ සමාජ මාධ්‍ය අත්හිටුවන්න රජය විසින් තීරණය කළා.
තවමත් එය යථා තත්ත්වයට පත්කර නැතත් ඉදිරි දින දෙක තුල එය යථා තත්ත්වයට පත්වනු ඇති බව තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.
තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලයේ සභාපති කිත්සිරි මංචනායක මහතා පවසන්නේ මේ වනවිට අයි පී රිලීස් කිරීමට කටයුතු කර ඇති බවයි.
තවද WhatsApp ක්‍රියාත්මක වෙමින් පවතින බවත් හෙට දිනය වනවිට Viber සම්පූර්ණයෙන්ම රිලීස් කිරීමට පියවර ගනු ඇති බවත්ය.
සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය හා අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීමට රජය ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මාධ්‍ය හමුවකදී මංචනායක මහතා පවසා තිබුණා.
එහිදී ඔහු පවසා තිබෙන්නේ මෙවැන්නක්.
“රජයට කියනවා සම්පූර්ණ සහාය දෙන්න අපි සුදානම්. මේ සඳහා කම්ටුවක් පත්කළ යුතුයි. ශ්‍රී ලංකා පොලිසිය CID එක පෞද්ගලික අංශ ඒ වගේම අමාත්‍යාංශ ICT එක වගේ කම්ටුවක් පත් කරලා මේ පිළිබඳ නිරන්තරයෙන් නිරීක්ෂණය කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඕන.
ඒ වගේම රජයකට මේ සමාජ වෙබ් අඩවි නිර්මාණය කරලා තියෙන ජාත්‍යන්තර සමාගම් සමග සාකච්ඡා කරලා මේ අකාරයේ පහත් මට්ටටේ ප්‍රසිද්ධ කරන්නා වූ දෙවල් ජාතිවාදය ප්‍රචලිත කරන්නා වූ නිවේදන විඩියෝ ක්ලිප්ස් සහ පොස්ට් සියල්ලක්ම අයින් කරන්න පුළුවන්.
සිංගප්පුරුවේ ඉතාම ලස්සනට මේක මෙහෙයවමින් තියෙනවා. චීනය මේක මෙහෙයවමින් ඉන්නවා අමෙරිකාව ලස්සනට මේක මෙහෙයවනවා”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!