Gossip

“නිරූපිකාවක් සමග රැය පහන් කරන්න 30000 සිට 60000 ක මිලක්.” – කේරල ගංජා දී ඇඟ විකිණූ නිරූපිකාවෝ මාට්ටු

සිරුර විකුණා මුදල් ඉපැයීම වෘත්තියක් ලෙස ගත්කල හඳුන්වනු ලබන්නේ ගණිකා වෘත්තිය ලෙසින්ය.
මෙරට විවිධ සමාජ මට්ටම්වලට අයත් කාන්තාවන් විවිධ හේතූන් මත සිය පැවැත්ම පිණිස ‘‘ඇඟ’’ විකිණීම කිසිදු කැත හිරිකිතයකින් තොරව සිදු කරන අතර එම කුලකයට අයත් කාන්තාවන්ගේ පහස සොයා යන්නන් අතර සුසිල්වත් සිල්වත් යැයි කියා ගන්නා හොර උපාසකයන් ද බහුලය.
ධනය බලය සහිතව එවැනි සේවාලාභීන් පිණිස ඇඟ මස විකුණනු ලබන සුපිිරි පන්තියට අයත් ගණිකා ජාවාරම් ආදිය ද මෙරට තුළ දකින්නට ඇත.
ඒ ආකාරයට කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් වැටලීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වූහ.
දූෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරක් ඔස්සේ සිදුකළ එම වැටලීමෙන් සුරූපී මෝස්තර නිරූපිකාවන් පස් දෙනෙක් ඔවුන්ව ඒ සඳහා යොදවාගත් කළමනාකාරවරියක්, ආරක්ෂකයෙක් සහ වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට පත්වූහ. ඉකුත් 23 දා බණ්ඩාරගම, ගැලනිගම අධිවේගී පිවිසුම අසලදී සිදු කරන ලද මෙම වැටලීමේදී කේරළ ගංජා ග‍්‍රෑම් 10 ක ප‍්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදු කරනු ලබන්නේ ඉකුත් 23 දාය.
ඔවුන් වෙත ලැබුණ තොරතුරු ඔස්සේ කි‍්‍රයාත්මක වන නිලධාරීන් පළමුව ඒ සම්බන්ධව පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදු කරන්නේය.
ඒ අනුව මෙම ගණිකා ජාවාරම පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගන්නා පරීක්‍ෂණ සිදුකළ නිලධාරීන් පළමුව ඒ සම්බන්ධ තොරතුරු තම ඉහළ නිලධාරීන් හමුවේ හෙළිකර සිටින්නේය. එම තොරතුරුවලට අනුව එම ගණිකා ජාවාරම සිදු කරනු ලබන්නේ ධනවත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින්ය.
එක් නිරූපිකාවක් සමඟ රැයක් ගතකිරීම පිණිස රුපියල් තිස්දහසේ සිට රුපියල් හැටදහස දක්වා මිල නියම කර තිබෙන අතර තම තමන්ගේ අභිරුචිය අනුව ගනුදෙනුකරුවන් හට අවශ්‍ය නිරූපිකාව මිලදීගත හැක.
තමන් විසින් තෝරාගනු ලබන නිරූපිකාවට නියමිත මුදල ගෙවීමෙන් අනතුරුව ඇයත් සමඟ යහන්ගත වීමට ගනුදෙනුකරුට අවස්ථාව හිමිවන අතර ‘‘සිරියහන’’ පිණිස මුදල් වැයකළ යුතු වන්නේ ගනුදෙනුකරු විසින්ය.
එම තොරතුරු අනුව කි‍්‍රයාත්මක වන වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පළමුව උපාය දූතයෙක් මාර්ගයෙන් මෙම ජාවාරම මෙහෙයවනු ලබන මෝස්තර නිරූපණ ශිල්පිනිය සමඟ සම්බන්ධතාවක් ගොඩනංවා ගන්නේය.
ජංගම ගණිකා ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යමින් තිබුණ මෙම ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන කාන්තාව මෝස්තර නිරූපණ ශිල්පිනියකට අමතරව පන්නිපිටිය, මහල්වරාව ප‍්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගොස් තිබූ සුරූපී කාන්තාවක්ය.
ඇයත් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වන පොලිස් සැරයන් (428) ජයලාල්, තමන් ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක් බවත්, සුරූපී ලියක් සමඟ රැයක් ගතකිරීමට තමන්ට අවශ්‍ය බවත්, මෝස්තර නිරූපණ ශිල්පිනිය අමතමින් ප‍්‍රකාශ කර සිටින්නේය. එහිදී දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දෙමින් ඇය විසින් කියා සිටින්නේ මිල ගණන් කීපයක් යටතේ අලෙවි වන සුරූපිනියන් රැසක් තමන් යටතේ සිටින බවත්, අවශ්‍යතාවක් වේ නම් ‘‘ප‍්‍රදර්ශන භාණ්ඩ’’ රැගෙන ව්‍යාපාරිකයා සඳහන් කරන ස්ථානයකට පැමිණිය හැකි බවත්ය.
තමන් විසින් යෙදූ උපාය සාර්ථක බව වටහාගත් ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටි පොලිස් සැරයන්වරයා ඉන් අනතුරුව නිරූපිකාව අමතමින් සඳහන් කර සිටින්නේ ඒ සඳහා වේලාවක් සහ නියමිත ස්ථානයක් තීරණය කොට තමන්ට දැනුම්දෙන ලෙසය.
ඒ අනුව අදාළ තෝරා ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් තීරණය වන්නේය.
එදින ඉකුත් 23 වැනිදා විය. ස්ථානය මාතර – කොළඹ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට මඳක් නුදුරින් වූ එතරම් ජනාකීර්ණ නොවූ ප‍්‍රදේශයක්ය.
ඔර්ලෝසු වේලාව පස්වරු හතරත් පහත් අතරය. කථිකා කරගත් පරිදි ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙක් සේ වෙස් වලාගත් පොලිස් සැරයන්වරයා රැගත් රියක් ගැලනිගම අධිවේගී පිවිසුම සමීපයට ගමන් කරන අතර ඔහු එම ස්ථානයට ගොස් ගතව ඇත්තේ ස්වල්ප වේලාවකි.
තවත් මඳ වේලාවක් ගතවීමත් සමඟ ඔහු අත රැඳි ජංගම දුරකථනය නාද වන්නට ගන්නා අතර සැරයන්වරයා වෙත එම දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ එතෙක් වේලා ඔහු අපේක්‍ෂාවෙන් බලා සිටි මෝස්තර නිරූපිකාව විසිනි.
ඇය දුරකථන ඇමතුම ලබා ගනිමින් සඳහන් කර සිටින්නේ සුරූපී ළඳුන් පස් දෙනකු ද සමඟ නවීන පන්නයේ වෑන් රථයකින් ගැලනිගම බලා පිටත්වූ බවත්, මඳ වේලාවකින් අනතුරුව අදාළ ස්ථානයට ළඟාවන බවත්ය.
ඒ බව දැනගත් විගස පොලිස් සැරයන්වරයා විසින් තවත් පිරිසක් දැනුවත් කරන්නේය.
එම පිරිස ද වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට අයත් නිලධාරීන් පිිරිසක්ය. ඒ වන විටත් ඔවුන් සිවිල් ඇඳුමින් සැරසී ගැලනිගම පිවිසුම අසල සැරිසරමින් සිට ඇත්තේ සැරයන්වරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තෙක්ය.
සියල්ල නියමිත වේලාවට සිදු වෙමින් තිබී ඇති අතර දුරකථනයෙන් පැවසුව පරිදි තවත් සුළු වේලාවක් තුළ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි වෑන් රථයක් ගැලනිගම පිවිසුමෙන් සාමාන්‍ය මාර්ගයට පිවිසුණි. වේගය මඳක් බාල කළ වෑන් රථයේ රියැදුරු කෙමෙන් කෙමෙන් වෑන් රථය ඉදිරියට ධාවනය කරන අතර එහිදී රියදුරාට දකින්නට ලැබී ඇත්තේ වෑන් රථයේ පැමිණීම අපේක්‍ෂාවෙන් පෙරමඟ බලමින් හිඳින කඩවසම් පුද්ගලයෙකි. ඒ අනුව ජංගම ගණිකා වෑන් රථය තමන් අසල නතර කරන ලෙස වෙස් වලාගත් පොලිස් සැරයන්වරයා විසින් සංඥා කරන ලදී. තවත් මොහොතකින් නතර කරන ලද වෑන් රථයේ පසුපස දොර විවර වන අතර එහිදී පොලිස් සැරයන්වරයාගේ ඇසට හසුවන්නේ අඟ පසඟ මනාව මතුවන ආකාරයේ ඇඳුමින් පැළඳුමින් සැරසී සිටි සුරූපී යුවතියන් පස් දෙනෙකි. ඊට අමතරව එම ගණිකා ජාවාරම මෙහෙයවනු ලබන බවට සැක කරන සුරූපී කාන්තාවත් පසුපස ආසනයක අසුන්ගෙන සිටින අයුරු දකින සැරයන්වරයා ඇය අමතමින් සඳහන් කර සිටින්නේ සුරූපිනියන් මිලදී ගැනීම පිණිස මිල ගණන් ඉදිරිපත් කරන ලෙසය.
මනා රූ සපුවෙන් යුත් එම කාන්තාවන් සඳහා රුපියල් තිස්දහසේ සිට පනස්දහස දක්වා මිල නියම කරන ජාවාරම මෙහෙයවනු ලබන මෝස්තර නිරූපිකාව ඉන් අනතුරුව ව්‍යාපාරිකයකු ලෙස වෙස් වලාගත් පොලිස් සැරයන්වරයා අමතමින් කියා සිටින්නේ ‘‘හිත ගිය’’ සුරූපිනිය තෝරා ගන්නා ලෙසය. එහිදී වැඩිදුරටත් ඇය විසින් සඳහන් කර ඇත්තේ තවත් ගනුදෙනුකරුවන් පිරිසක් වෙනත් ස්ථානයක සිටින බැවින් කඩිනමින් ගනුදෙනුව නිමා කරන ලෙසටය.
සිදු වෙමින් පවතින්නේ ව්‍යාජ රංගනයක් බව ඒ වන විටත්, වෑන් රථයේ සිටි කාන්තාවන් පිරිසවත්, ඔවුන්ගේ ආරක්ෂාවට පැමිණි ආරක්ෂකයාවත් නොදැන සිට ඇත.
තවත් සුළු මොහොතකින් සිදු වන්නේ ඔවුන් කිසිසේත් අපේක්‍ෂා නොකළ අමුතුම ආකාරයේ සිදුවීමක්ය. පොලිස් සැරයන්වරයාගේ කැඳවීමකට අනුව එතෙක් වේලා තැන් තැන්වල රැක සිටි අනිකුත් නිලධාරීන් පිරිස ක්‍ෂණයකින් වෑන් රථය වටලනු ලබන්නේ එතෙක් වේලා රඟදැක්වූ නාටකයේ අවසන් ජවනිකාව ලෙසින්ය.
කිසිවෙකුට පලා යා නොහැකි අයුරින් වෑන් රථයේ සිටි පිරිස හා වෑන් රථය අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන් සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කරන්නේ ඉන් අනතුරුවය. එහිදී සිදුකළ වැඩිදුර පරීක්‍ෂණවලදී එම ජංගම ගණිකා ජාවාරම මෙහෙයවූ මෝස්තර නිරූපන ශිල්පිනියගේ හිසකෙස් අතර සඟවාගෙන සිටි කේරළ ගංජා ග‍්‍රෑම් 10 ට ආසන්න ප‍්‍රමාණයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත. ඒ පිළිබඳ සැකකාරියගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඇය විසින් පවසා ඇත්තේ තම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය නම් පමණක් අලෙවි කිරීම පිණිස එම කේරළ ගංජා ප‍්‍රමාණය රැගෙන ආ බවක්ය.
එහිදී අත්අඩංගුවට ගත් අනිකුත් නිරූපණ ශිල්පිනියන් වයස අවුරුදු 22 – 38 අතරේ පසුවන්නියන්ය.
කලක් තිස්සේ ඔවුන්ව ධනවත් පුද්ගලයන් අතර අලෙවි වී තිබී ඇති අතර ඔවුන් වෙළෙඳ දැන්වීම් ඇතුළු ටෙලි නාට්‍ය ආදියෙහි කුඩා චරිත රඟපා ඇති බවට ද පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත. විවාහක කාන්තාවන් වන මෙම සුරූපී නිරූපිකාවන් පිරිස අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට සිය පවුල් ජීවිත අවුල් කරගත් පිරිසක්ය.
විවාහ ජීවිත දෙදරා යෑමෙන් අනතුරුව සළෙළුන් උදෙසා ඇඟ මස විකිණීම ආදායම් මාර්ගය බවට පත්කරගෙන ඇති මෙම නිරූපිකාවන් අතර මව් පදවි ලද කාන්තාවන්ද සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේය. අත්අඩංගුවට පත් කාන්තාවන් වැල්ලම්පිටිය, කැලණිය, හෝමාගම, බණ්ඩාරවෙල ආදී ප‍්‍රදේශයන්හි පදිංචිකාරියන්ය. මුදල් ඉපයීම පිණිස කලක් තිස්සේ ධනවතුන්ගේ ගොදුරු බවට පත්ව ඇති එම කාන්තාවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප පිට නිදහස් කොට ඇත.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරි හේමාල් ප‍්‍රශාන්ත මහතාගේ උපදෙස් පිට එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකර ඇති මෙම වැටලීම සඳහා උ.පො.ප. ධර්මසිරි, පො.සැ. (428) ජයලාල්, පො.කො. (84889) උදය කුමාර, පො.කො. (77981) ප‍්‍රබුද්ධ, පො.කො. (77562) මන්තිලක, පො.කො. (29904) විජේවර්ධන, පො.සැ.රි. (6462) බණ්ඩාර, කා.පො.කො. (3134) දිල්කි, කා.පො.කො. (10523) සුසන්තිකා යන නිලධාරී පිරිස සහභාගි වූහ.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!