Gossip

නිර්මාණයකට ආරාධනා කරන ගමන් අයුතු යෝජනා දානවා – මියගිය නිළිය තුෂානි කලකට පෙර කිව්ව දෙයක් එළියට

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක් වන තුෂානි ද සිල්වා සිය ජීවිතයෙන් සදහටම සමුගත්තා. කෙටි කාලයක් ඇතුලත නිර්මාණ රැසකට දායක වෙන්න තුෂානි ට අවස්ථාව ලැබුණා. ඉතින් මේ පුවත්පතක් සමග ඇය කළකට පෙර කළ කතාබහක්.

ඉතින් තුෂානි කොහොමද මේ දිනවල කාලය ගත කරන්නේ?
සුපුරුදු පරිදි රංගන කටයුතුවල නියැලෙනවා. මීට පෙර රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඒ ගැන බලාපොරොත්තු තියාගෙන කාලය ගත කරනවා.

තුෂානිගේ රංගන කටයුතු ගැන කතා කළොත්?
ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකටම මගේ රංගන දායකත්වය ලබා දෙන්න මට හැකිවුණා. ඒ වගේම නැති බැරි ටාසන්, ද්විත්ව, රන්සයුර වගේ චිත්‍රපට කිහිපයකටත් මං රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඔබ රංගනයට පිවිසුණේ ඇයි?
කලාව මගේ ඇඟේ තියෙනවා. කලාවට මං හරි ආදරෙයි. මට පුංචි කාලේ හිතිලා තියෙනවා කවදා හරි මං ජීවිතය දිනන්නේ කලාවෙන් කියලා. ඒ හින්දයි රංගනයට යොමු වුණේ.

ගෙදරින් මොන වගේ සහයක් ද ඒ සඳහා ඔබට ලැබුණේ?
තාත්තා නම් කොහෙත්ම කැමැති වුණේ නැහැ රඟපානවට. නමුත් අම්මා මට සහය දුන්නා. මේ වන විට පවුලේ සියලු සාමාජිකයින් මට උදව් කරනවා. ඒ මං කලාව හරියට කරන නිසා. ඇත්තෙන්ම කිව්වොත් මං කලාව පූජනීයත්වයෙන් අදහනවා.

කෙතරම් දේවත්වයෙන් සැලකුව ද කලාව එපාවෙන අවස්ථා තියෙනවා නේද?
එපා වෙනවා නෙවෙයි. අපේ මිනිස්සු විසින් කලාව එපා කරවනවා.

කොහොමද එහෙම කරන්නේ?
හරි සරලයි. නිර්මාණයකට අපට ආරාධනා කරන ගමං වහෙන් ඔරෝ අයුතු යෝජනා දානවා. එතකොට එපා වෙනවා.

එවන් යෝජනාවක් කරන බවට නිසැකවම දැනගන්නේ මොන අයුරින්ද?
ගොනා හැරෙද්දි දන්නවා මේ එන්නෙ පොල් පැලේ කන්න තමා කියලා. නිර්මාණය ගැන කියලා පසුව කියනවා ඔයාගෙන් ඉතින් අපටත් ප්‍රයෝජනයක් තියෙනවනෙ නේද කියලා. එතකොට දන්නවා මේ අහන්නෙ නම් හොඳකට නෙවෙයි කියලා.

එතකොට ඔබ මොකද කරන්නේ?
වෙන මොනවා කරන්නද, නිර්මාණය අතහැරලා දානවා.

එලෙස ඔබ නිර්මාණ කීයක් අතහැරලා තියෙනවාද?
ටෙලිනාට්‍ය හයක් හතක් විතර.

තුෂානි රංගනය හදාරනවාද?
ඔව්. මං මුලින්ම රවීන්ද්‍ර විජේරත්න මහත්මයාගෙන් රංගනය ඉගෙන ගත්තා. පසුව අනෝජා වීරසිංහ මහත්මියගේ වැඩමුළුවලට සහභාගි වුණා. වර්තමානයේදී මහේන්ද්‍ර පෙරේරා මහත්මයා ළඟ රංගනය හදාරනවා.

රඟපාලා හම්බ වෙන මුදල් ඇති ද ජීවත්වීම සඳහා?
කොහෙත්ම නැහැ. අපිට හැමදාම වැඩ නැහැනෙ. ඉතින් වෙන ක්‍රමයක් අවශ්‍ය වෙනවා රඟපාන ගමන් මුදල් හොයන්න.

ඔබත් එහෙමද?
ඔව්.

ඔබ මොකක්ද පාවිච්චි කරන වෙන ක්‍රමය මුදල් හම්බ කරන්න?
මං සාරි ඩිසයින් කරනවා.

සමහර නව පරපුරේ නිළියන් සල්ලි තියෙන පිරිමි එක්ක හාද වෙනවා ලාභ ප්‍රයෝජන තකා?
ඒ ගැන මමත් අහලා තියෙනවා.

ඔබට එහෙම හිතිලා නැද්ද?
අනේ නැහැ. එහෙම හිතිලම නැහැ.

නළුවකුගෙන් විවාහ යෝජනා ඇවිත් තියෙනවාද?
ඔව්. ඔව්, හැබැයි ඒ යෝජනා ලැබෙන පරක්කුවෙන්ම අහක දානවා.

ඇයි ක්ෂෙත්‍රයේ අයව විශ්වාස නැද්ද?
එහෙම නෙවෙයි. යෝජනා නම් එන්න පුළුවන්. නමුත් ආදරයක් කියන දේ දැනෙන්න එපායැ. දැනෙන්නේ නැතුව කොහොමද යෝජනාවක් ආ පලියට එකඟ වන්නේ.

තුෂානිට ආදර ජවනිකාවන් හොඳින් ඉදිරිපත් කිරීමට හැකි මොන වගේ නළුවන් එක්කද?
එහෙම නම් වශයෙන් මට කියන්න අමාරුයි. නිළියක් හැටියට විවිධ චරිත කරන්න ලැබෙනවනෙ. ඉතින් මං හිතනවා තරුණ වගේම වයසක නළුවො එක්ක වුණත් මට හොඳින් ආදර ජවනිකා කරන්න පුළුවන් වේවි කියලා.

ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න අධ්‍යක්ෂවරු කවුද ඉන්නේ?
හොඳ නිර්මාණ කරන ඕනෑම අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට එකතුවන්න කැමැතියි.

මේ වන විට ඔබ පෙම්වතියක්ද?
නැහැ, හැබැයි පෙම්වතෙක් හිටියා. දැන් නැහැ.

රඟපාන්න ගිහින් ලැබූ අමිහිරිම අත්දැකීම මොකක්ද?
එක්තරා නිර්මාණයකට මං ගියාම මට තවත් නිළියක් එක්ක එක කාමරයක ඉන්න වුණා. ඇය තරමක් අපිරිසුදු ජීවිතයක් ගත කළේ. මං ඇයට අවවාද කළා එහෙම ඉන්න එපා කියලා. මගේ අවවාද සැරකමටද මන්දා ඇයට කේන්ති ගියා. පහුවෙනිදා උදේ ඇය පිටත් වුණා. ඇය ගිහින් තියන්නේ මං නිදාගෙන ඉන්න වෙලාවේ මගේ කොණ්ඩෙත් කපලා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!