Gossip

අවුරුදු දොළහක චීන දරුවෙක් ලොවම මවිත කරයි – රහස බෞද්ධ භාවනාවලු

වයස අවුරුදු 12ක් වන චීන දරුවෙක් තැබූ ගිනස් වාර්තාවක් ලොව පුරාම අතිශය කතාබහට ලක්ව තිබෙනවා.

ක්‍යූ ජියෑංයූ නම් 12 හැවිරිදි චීන දරුවෙක් චීනයේ රියැලිටි වැඩ සටහනකදි රූබික් කැට 3ක් විසදා ගිනස් වාර්තාවක් තබන අතර මෙහි විශේෂත්වය වන්නේ ඔහු විනාඩි පහකටත් අඩු කාලයකදි රූබික් කැට උඩ දමමින් මෙම දස්කම සිදු කරන නිසාය.

රූබික් ගැටලු විසදීම ලොව පුරා බුද්ධිමතුන් , ගණිතඥයන් මෙන්ම , එය විෂයක් ලෙස අධ්‍යනය කරන පිරිසක් අතර ජනප්‍රියයි.  එය සාමාන්‍ය මිනිසුන්ට තරමක් අසීරූ කටයුත්තක් යැයි කියවේ. මෙහිදි රටා මතක තබා ගැනීම සහ ඒ ඔස්සේ රූබික් ගැටලු විසදීම සිදුවේ.

මෙහිදි සිය ගිනස් වාර්තාව පිළිබදව මාධ්‍යයට අදහස් දැක්වූ මෙම දරුවා කියා තිබුනේ තමන් දිනපතාම භාවනාවේ නිරත වන බවත් , රූබික් ගැටලු විසදීමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය තමන්හට ලැබෙන්නේ බෞද්ධ භාවනාවෙන් බවයි.

සිදුවීමට අදාළ වීඩියෝව පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!