Gossip News

නිදහසට බාධා වන නිසා ස්වීඩනය කොරෝනා නීති ප‍්‍රතික්ෂේප කරයි

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා රට වසා දැමීම හෝ ජනතාවට නීති පැනවීම ස්වීඩනය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

කොරෝනා පැතිරයාම වැලැක්වීම සඳහා සෙසු යුරෝපයේ රටවල් රැසක් විවිධ ක‍්‍රියාමාර්ග රැසක් ගෙන ඇතත් ස්වීඩන රජය පවසන්නේ ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම රජය විසින් සිදු නොකරන බවත් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා කෙසේ කටයුතු කලයුතුද යන්න තම රටේ ජනතාව විසින් තීරණය කල යුතු බවයි. එසේම තම රටේ ජනතාව ඒ සඳහා නිවැරදි ක‍්‍රියා මාර්ග ගන්නා බවට තමන්ට විශ්වාස බවද ස්වීඩන රජය පවසා තිබේ.

කොරෝනා පැතිරයාම පාලනය සඳහා වහාම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස රටවල් කීපයක් ස්වීඩනයෙන් ඉල්ලා තිබිණි.

ස්වීඩනයේ කාර්යාල ,පාසල් ,ආපන ශාලා, ක‍්‍රීඩාංගන , සමාජ ශාලා ආදී සියල්ල තවමත් විවෘත කර තිබේ.

මේ වන විට කොරෝනා ආසාධිතයන් 9141 ක් ස්වීඩනයේ සිටින අතර 793 ක් මිය ගොස් තිබේ.

සෑම විටම අත් සෝදන ලෙසද , අසනීප නම් නිවසට වී සිටින ලෙසටද පමණක් ස්වීඩන් රජය තම රට වැසියන්ගෙන් ඉල්ලා තිබේ.

ස්වීඩනය මානව නිදහස හා මානව අයිතිවාසිකම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන රටකි.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!