Gossip

නැඳුන්ගමුවේ ඇත් රජුටත් අනතුරක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණක් යැයි බෞද්ධයන් අතර විශ්වාසයක් පවතිනවා.

ඒවගේම තමයි හැමෝගෙම වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බව හැමෝම දන්නා කරුණක්.

එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නේ නැඳුන්ගමුවේ රාජා ය.

ඒත් රාජා මෙවර අසනීප තත්වයක් නිසා පසුගියා දා අවසන් වූ දළදා මාලිගාවේ පෙරහැරට සහභාගි නොවිණි.

නැඳුන්ගමුවේ සද්දන්තයා නොසිතූ ලෙස අනතුරකට මුහුණ දී තිබෙනවා.

පසුගියදා කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හැරීම සඳහා නතර වී තිබෙනවා.

එම ස්ථානයේ තිබූ තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කැබැල්ලක් හැපීම නිසා ඇතාගේ මුඛය තුවාල වී තිබේ .

ඉන් පසු වහාම ඇත් රජුට ප්‍රතිකාර ලබා දී එම ස්ථානයෙන් පිටත් වූ බවටද වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!