Gossip

ලෝකේ පළවෙනිම SMS එකේ තිබ්බේ මොනවාද?

අද කාලේ ගොඩක් අයට නැතුවම බැරි දෙයක්නේ SMS. එහෙමත් නැත්නම් කෙටි පණිවුඩ. ඒ තරම්ම SMS මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා.

ඉතින් අපි මේ කියන්න යන්නේ SMS ගැන කතාවක්.

කෙසේවෙතත් SMS දෙසැම්බර් 03 වෙනිදා 25 වෙනි සංවත්සරය සැමරුවා.

මුල්ම SMS එක විදියට යවලා තියෙන්නේ ” Merry Christmas ” කියලා. ඉංජිනේරුවක වුන නීල් පැප්වෝර්ත් 1992 දී අත්හදා බැලීමක් විදියට තමයි පළවෙනි SMS එක යවලා තියෙන්නේ. නීල්ගේ මිත්‍රයෙක්ට තමයි පරිගණකය හරහා ඔහු මේ SMS එක යවලා තියෙන්නේ.

කොහොමවුනත් නීල්ගේ ඒවෙනකොට වයස 22 ක්.

නීල් ආඩම්බරයෙන් කියලා තියෙන්නේ “මම ඒ වෙලාවේ හිතුවේ නෑ මම මේ කරන්නේ ලෝකයටම වැදගත් ලොකු දෙයක් කියලා”.

ඒ දවස්වල දුරකථනයෙන් යවන්න පුළුවන් වුනේ ශබ්දය විතරයි. ඒ නිසා දුරකථනයෙන් කෙටි අක්ෂර පණ්විඩ යවන්න පුළුවන් වීම දුරකථනයේ ලොකු පිම්මක් වුණා. ස්මාර්ට් ෆෝන් සදහා පළවෙනි පියවර විදියට සැලකෙන්නෙත් SMS. දත්ත වලට අනුව අවුරුද්දකදී ලෝකය පුරා SMS පණිවිඩ ට්‍රිලියන 8.9 විතර යවනවාලු.

ඉතින් මින් පස්සේ තමන්ගේ පෙම්වතාට පෙම්වතියට SMS යවද්දී නීල් පැප්වෝර්ත්ට ස්තූති කරන්න අමතක කරන්න එපා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!