Gossip

නාමල් රාජපක්ෂ ඉන්දියාවේ රග්බි කණ්ඩායමට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ කාන්තා රග්බි කණ්ඩායමක් පුහුණු කිරීම සඳහා සහය දීමට කැමති වී තිබෙනවා.

ඉන්දියාවේ කාශ්මීර් කාන්තා රග්බි කණ්ඩායම පුහුණුවීම් වලට සහය දීමටයි ඔහු කැමැත්ත පළ කර තිබෙන්නේ.

ලංකාවේ සිටින දක්ෂ රග්බි පුහුණුකරුවෙක් වෙන රොනී ඉබ්‍රාහිම් එක්කත් නාමල් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

නාමල් මන්ත්‍රීවරයා සහ පුහුණුකරුවන් එළඹෙන මැයි මාසයේදී කාශ්මීරයේ සංචාරයක නිරත වීමටද නියමිතයි.

නාමල් මන්ත්‍රීවරයාගේ මේ කර්තව්‍ය ගැන ජම්බු හා කාශ්මීර ප්‍රධාන අමාත්‍ය මෙහෙබුබා මුෆිස් කියා ඇත්තේ මේ වගේ කතාවක්.

“නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපේ ස්තුතිය පුදකරනවා අපේ තරුණ කණ්ඩායමට උපකාර කරන්න ඉදිරිපත් වුනාට. ශ්‍රී ලංකාවේ බොහෝ සාර්ථක කතාවන් තිබෙන බවට අපිට විශ්වාසයි. ඔබේ රටේ අත්දැකීම් සහ මැදිහත්වීම් ගැන දැන ගන්න ඔඉ ගොඩක් සතුටින් ඉන්නවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!