Gossip

“නාමල්ට බෑ – සහෝදරයෙක් තරඟ කරනවා” – හිටපු ජනපති ඉන්දියාවේ ගිහින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන හෙළිකරපු රහස මෙන්න

2020 ජනාධිපතිවරණයට තම සහෝදරයෙකු තරඟකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඉන්දියාවේ “ද හින්දු” පුවත්පතට අදහස් දක්වමින්.

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අවම වයස් සීමාව 30 සිට 35 දක්වා වැඩි කිරීම මත තම පුතු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට 2019 ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති නමුත් තමාගේ සහෝදරයා හට ජනාධිපතිරණය සඳහා ඉදිරිපත්වීමේ හැකියාවක් පවතින බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

තම පක්ෂය 2019 වසරේදී බලයට ඒම සම්බන්ධයෙන් සියයට සියයක විශ්වාසයක් ඇති බව සඳහන් කර ඇති හිටපු ජනපතිවරයා 2019 වසරේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙන්නේ තමා බවත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට තරඟ කළ හැකි බවත් ඒ සඳහා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සූදානම් බවද ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂය සහ ජනතාවට අවශ්‍ය පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාගන්නා බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!