Gossip

නවගමුව ප්‍රාදේශීය රෝහලේ සුරූපී වෛද්‍යවරිය රටම උඩුයටිකුරු කරයි – කතාව මෙන්න

දොස්තරකමයි කලාවයි දෙකම එකට එක්තැන් කළ සුරූපී දොස්තර නෝනා කෙනෙක් තමන්ගේ රූපයෙන් ජාත්‍යන්තරය ජයගන්න මේ දවස්වල සූදානම් වෙනවා.
කලාවෙන් ලැබෙන මුදලත් පිළිකා රෝගීන්ගේ සුබසෙත වෙනුවෙන් වැය කරන්නයි ඇය සූදානම් වෙන්නේ.

නුවන්දිකා ලක්මාලි සිරිවර්ධන කියන වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඔබ මේ දවස්වල සැරසෙන්නේ රූපයෙන් ජාත්‍යන්තරය ජය ගන්නයි. ඔබ තරග වදින්නට යන ඉසව්ව ගැන මුලින්ම අපි රටට කියමු.
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන “Ms British Empire – 2018” තරගය සඳහා ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වෙන්නේ මමයි. ඒ නිසා මම මේ දවස්වල තරගයට සූදානම් වෙනවා.

කොහොමද මේ වගේ තරගයක් සඳහා සහභාගී වන්නට ඔබට අවස්ථාව ලැබුණේ ?
මම “Star Now” කියන ජාත්‍යන්තර Model Collection එකේ ඉන්නවා. ඒ හරහා තමයි මම මේ තරගයට අයදුම් කළේ. මෙම තරගයට අයදුම් කරන තරගකාරියන් කෙළින්ම අයදුම් කරන්නේ එංගලන්තයේ අදාළ තරගය සංවිධානයටමයි. ඒ විදියට අයදුම් කළ අයදුම්කාරියන් අතුරින් තෝරාගත් පිරිස සජීවී රූපරාමු පෙළක් ඔස්සේ පරීක්ෂාවට භාජනය කරලා එතැනදී “Ms British Ms British Empire – Sri Lanka 2018” විදියට තෝරාගත්තේ මාවයි. ඒ හරහා තමයි ජාත්‍යන්තර තරගය නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණේ.

වෛද්‍ය වෘත්තියයි නිරූපණ ක්‍ෂේත්‍රයයි කියන්නේ එකිනෙකට වෙනස් ක්‍ෂේත්‍ර දෙකක්. ඇතැමුන්ට ඔබ නිරූපණය කරන මේ භූමිකාව පිළිබඳව පුදුමත් හිතෙන්නට පුළුවන්?
ඔව්, ඒක ඇත්ත. මෙහිදී මම කියන්නම ඕනේ මම ලංකාවේ Modeling Show වල පෙනී හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් ඉදිරියේදී මම එවැනි අවස්ථාවලටත් සහභාගි වෙන්න බලා‍පොරොත්තු වෙනවා. ඒත් මම වැඩි අවධානයක් යොමු කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ ශිල්පිනියක් වෙන්නයි.
ඒ නිසා බ්‍රයන් තකෝවින් යටතේ මා නිරූපණ ශිල්පය හදාරනවා. වෘත්තියෙන් වෛද්‍යවරියක් වුණත් නිරූපණ ක්‍ෂේත්‍රය කියන්නේ මා ඉතාමත් කැමති දෙයක්. ඒ කැමැත්තට ඉඩ දුන්නා කියලා වෛද්‍ය වෘත්තියට ඇති ගරුත්වය මා කවදාවත් නැතිකර ගන්නේ නෑ.

රූප රාජිනී තරගවලට යාම එහෙමත් නැත්නම් නිරූපිකාවක් ලෙස කටයුතු කිරීම ආදී කාරණාත් එක්ක වෛද්‍යවරියක් වූ ඔබට විවේචන එහෙමත් එල්ල වන්නට පුළුවන් නේද?
අපෙන් උදව් උපකාර ලැබූ අය පවා අපිට එරෙහිවන, අපිව විවේචනය කරන අවස්ථා අනන්තයි. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. මොන දේ කළත් අපට විවේචන එල්ල වන බව අපි දැන සිටිය යුතුමයි. ඒ හින්දා මම නම් අනිත් අයගේ විවේචන හෝ හිත් රිදෙන ප්‍රතිචාර ගණන් ගන්නේ නැහැ. අනෙක අපි අපේ ගරුත්වය ආරක්ෂා කරගෙන යමක් කරනවා නම් ඇයි විවේචනවලට බිය වන්නේ.

ඔබ සතුව ඇති වෙනත් හැකියාවන් මොනවාද?
මම ගායිකාවක්, ගීත රචිකාවියක්. මේ වනවිට මම ගීත තුනක් ගායනා කරලා තියෙනවා. ඒ ගීත තුනේම පද රචනය හා ගායනය මගේ.

මොනවද ඒ ගීත ?
“සංසාරේ බැන්ද ආදරේ” (සංගීතය නවරත්න ගමගේ), “පෙරුම් පුරාගෙන මේ සසරේ” (සංගීතය – තරිඳු), “ලතැවෙන කඳුළු” (සංගීතය – නදීක ගුරුගේ) තමයි ඒ ගීත. මේ ගීත තුනටම රූප රචනාත් තියෙනවා. මේ ගීත අන්තර්ජාලයෙන් දැන් ඔබට නරඹන්න පුළුවන්.

ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් දැන ගන්න අපි කැමතියි ?
මගේ ගම මාතර බෙලිඅත්ත. ඒත් අධ්‍යාපනය ලැබුවේ මාත‍ලේ රජයේ විද්‍යා විදුහ‍ලේ. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සහකාර කථිකාචාර්වරියක් විදියට කටයුතු කරලා දැනට නවගමුව ප්‍රාදේශීය රෝහ‍ලේ වෛද්‍ය නිලධාරිනියක් විදියට සේවය කරනවා.
ඉදිරියේදී වෛද්‍ය වෘත්තිකයන්ගේ පරිපාලන සේවාවට සම්බන්ධ වෙන්නත් සූදානමින් ඉන්නවා.

ගායනයට විතරද කැමති ? රඟපෑමට කැමති නැද්ද?
මගේ Music Video තුනේම මම තමයි රඟපෑවේ. ටෙලි නාට්‍යවලට පවා ආරාධනා ලැබුණා. ඒත් හිතට අල්ලන හොඳ නිර්මාණයක් තවම ලැබුණේ නැහැ. එහෙම ලැබුණොත් රංගනයටත් එකතු වෙනවා.

මොනවාද අනාගත බලා‍පොරොත්තු ?
කලාවෙන් උපයන මුදල පිළිකා රෝගීන්ගේ අරමුදලට බැර කරන්න බලා‍පොරොත්තු වෙනවා. මගේ වෘත්තීමය ජීවිතය සාර්ථක කර ගන්නා ගමන් කලාව තුළ රැඳෙමින් හැම වෙලාවෙම සමාජයට මෙහෙවරක් කරන්නයි කල්පනා කරන්නේ.

උපුටාගැනීම ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!