Gossip

ඔබත් කොත්තු කන කෙනෙක්ද..? අම්බලන්තොටදී චිකන් කොත්තුවක් අස්සෙන් ගෙම්බෙක් මතුවෙයි – Photos

චිකන් කොත්තුවක ගෙම්බෙක් සිටි පුවතක් අම්බලන්තොට පැත්තෙන් අපිට වාර්තා වුණා.
කාන්තාවක් විසින් මෙම කොත්තුව මිලදී ගෙන ඇති අතර පසුව ඇය එම කොත්තුව රැගෙන අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ තිබෙනවා.
මෙම කොත්තුවත් රැගෙන අම්බලන්තොට මල්පෙත්තාව ආපන ශාලාවට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ අම්බලන්තොට කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සිද්ධිය සම්බන්ධව ආපන ශාලාවේ හිමිකාරිණියගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම වෙළඳසැලේ හිමිකාරිණිය හෙට හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
චිකන් කොත්තුව සමඟ ගෙබ්බාගේ සිරුර කොටස්වලට කැඩී ඇති බව නිරීක්ෂණවලදී හෙළි වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!