Gossip

නයි පෙන්නලා බංගලියෝ ලංකාවට ඇවිත් දාපු ජෝගිය ගැන ඩිල්ෂාන් කියන කතාව

මේ දවස්‌වල ක්‍රිකට්‌ ගැන කතා කළොත් අපේ රටේ ප්‍රේක්‌ෂකයින්ට මුලින්ම මතක්‌වෙන්නේ බංගලි ක්‍රීඩකයින්ය.
ඊට පස්‌සේ මතක්‌ වෙන්නේ ඔවුන් මෙහෙ දාපු ජෝගිය ගැනය. ඊටත් පස්‌සේ මතක්‌ වෙන්නේ ඉන්දියාවෙන් බංගලියෝ කාපු කෑමය. ඒත් තව අවුරුදු 100 ක්‌ ගියත් අපේ ප්‍රේක්‌ෂකයින්ට අමතක නොවන දෙයක්‌ ඉතිරි කරලා යන්නට බංගලියෝ අමතක නොකළේය. ඒ ‘නයි’ ඩාන්ස්‌ය.
එහෙමත් නැත්නම් ඒකට ‘කෝබ්‍රා’ ඩාන්ස්‌ කියන්නත් පුළුවනි.
මීට පස්‌සේ බංග්ලාදේශය එක්‌ක කොහේ කොහොම තරගයක්‌ තිබුණත් අපේ අයට නයි ඩාන්ස්‌ මතක්‌ වෙනවා නොඅනුමානය.
ඒකට ළඟම කාරණය වුණේ ආසියානු හොකී තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් බංග්ලාදේශය සමග පැවැති හොකී තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නයි ඩාන්ස්‌ දමා තිබුණ නිසාය.
ඒ කොහොම වුණත් ලෝකයක්‌ කතා කරන සිද්ධියක්‌ බවට මේ අලකලංචිය පත්වුණායින් පස්‌සේ ඒ ගැන නොයෙක්‌ අය විවිධ කතා කිව්වා.
ඉන්දීය පිලේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං ඒ ගැන කියලා තිබුණේ මේ වගේ දෙයක්‌ ‘බංග්ලාදේශ ක්‍රීඩකයින් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක්‌ කළා විතරක්‌ නොවේ. ඔවුන්ට හිතවත්ව සිටි ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාවෙන් යම් කොටසක්‌ද අහිමිකර ගත්තා. මමත් ඔය වගේ දේවල් වලට සම්බන්ධවෙලා තියෙනවා.
ඒත් ඒ දේවල් මම කළේ යම්කිසි සීමාවක ඉඳගෙනයි. බංග්ලාදේශ නායකයා හැසිරුණු විදිහ අන්තිම නරකයි. ඔහු ඒ වෙලාවේ කණ්‌ඩායමේ අනෙක්‌ සාමාජිකයින්ට නරක ආදර්ශයක්‌ දුන්නේ.
මේ තරගයේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කළ ක්‍රිස්‌ බ්‍රොaඩ්ට තිබුණා බරපතළ වාර්තාවක්‌ දෙන්න. අනික ඒ අයට අමතක වුණා මේක නිදහස්‌ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියක්‌ කියලා. කොහොම වුණත් සියයට 25 ක දඩ මුදලකට පමණක්‌ ඔවුන්ව යටත් කිරීම ගැන පුදුම වෙනවා. ඔවුන්ට අඩුම තරග දෙකකවත් තහනමක්‌ දෙන්න තිබුණා.’ යනුවෙන් ඉන්දීය පුවත්පතකට හෙතෙම පවසා තිබේ.

මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෙක්‌ මෙන්ම නායකයෙක්‌ව සිටි තිලකරත්න දිල්ශාන් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.

එදා ග්‍රවුන්ඩ් එකේ හිටියාද?
නෑ.

එතකොට මේ සිද්ධිය දැක්‌කේ?
මං ටී.වී. එකෙන් තමයි මේ සිද්ධිය දැක්‌කේ.

මේ සිද්ධිය ප්‍රවීණ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ විදිහට ඔබ දකින්නේ කොහොමද?
ක්‍රිකට්‌ හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා. ඉතින් එදා වෙච්ච සිද්ධිය ක්‍රිකට්‌ වලට එතරම් හොඳ නෑ කියලයි මට හිතෙන්නේ.

ඒ ප්‍රශ්නය ඇතිවෙන්න යම් දෝෂයක්‌ සිදුවුණාද?
කණ්‌ඩායම් දෙකම ඒ වෙලාවේ හිටියේ ජයග්‍රහණය කිරීමේ අපේක්‌ෂාවෙන්. මං දැක්‌ක විදිහට නම් එතැනදි මිස්‌ටේක්‌ එකක්‌ වුණා.

බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම?
තරගයකදී ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. තරගයෙන් පස්‌සේ ඒ දේවල් තියාගන්න හොඳ නෑ.
එතනින් පස්‌සේ වැඩේ ඉවරයි. ඒත් බංග්ලාදේශ ක්‍රීඩකයින් ෙඩ්‍රසිං රූම් එකට හානි කරලා තිබුණ ඒවානම් අනුමත කරන්න බැහැ.

බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ලැබුණු දඬුවම ප්‍රමාණවත් කියලා හිතනවද?
මැච් රෙෆ්‍රි තමයි ඒ සඳහා මොකක්‌ද කරන්නේ කියලා තීරණය කරන්නේ. නමුත් මගේ පෞද්ගලික මතය නම් මීට වඩා දඬුවම වැඩි වෙන්න තිබුණා කියන එකයි.

ඔබ මේ වගේ අවස්‌ථාවක හිටියනම්?
මම හිටියනම් මටත් කේන්ති යයි. ඒත් එවලෙට විතරයි. අපිටත් එහෙම දේවල් වෙලා තියෙනවා.
මැච් එකෙන් පස්‌සේ අපි ආයිත් කතා කරලා ඒක අමතක කරනවා. මොකද අපි ආයෙත් කවදා හරි ඔවුන් එක්‌ක ක්‍රීඩා කරන්න ඕනේ. තරහ දිගටම අරන් යන්න හොඳ නෑ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය?
අපේ ප්ලේයර්ස්‌ලා හොඳට හිටියා. විරුද්ධ ක්‍රීඩකයින් හැසිරුණ ආකාරයට තමයි අපේ ප්ලේයර්ස්‌ලා දෙන්නෙක්‌ වගේ හැසිරුණේ.

මේ ඇතිවෙච්ච ප්‍රශ්නයෙන් ඔබ හිතන විදිහට මොකක්‌ද ගතයුතු දේ?
මේක පාඩමක්‌ කරගෙන ඉදිරියට යන්න ඕනේ.

උපුටාගැනීමකි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!