Gossip

වේයන්ගොඩින් මතුවූ අභිරහස් තරුණිය‍ගේ සියලු තොරතුරු හෙළි වෙයි – පෙම් පලහිලව්ව තරුණියව එළොව යවයි

වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේ වෙල්යායක තිබී තරුණියකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) පෙරවරුවේ කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

ඝාතනයට ලක්ව ඇත්තේ දීගලහින්න, එලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක් බව අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය සිදුකරන ලද විමර්ශනවලට අනුව දඩගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 25 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!