Gossip

ධනුෂ්ක ගුණතිලකගේ නම කැතවූ කතාවේ ඇත්ත එළියට?

23 හැවිරිදි නෝර්වීජියානු තරුණියක් විසින් ගුවන් තොටුපල පොලීසිය වෙත කළ පැමිණිල්ලක ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නම ද සඳහන් වී තිබෙනවා.

ඒ ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු තමන්ට ලිංගික අතවර කළ බවට නෝර්වීජියානු තරුණියක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

සිද්ධියට අදාළ පරීක්ෂණ කොල්ලුපිටිය පොලිසිය මගින් පවත්වන අතර මේ තරුණිය තවත් තරුණියක් සමග කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයකට පැමිණ ඇත්තේ ධනුෂ්කගේ ආරාධනාවක් මත බවයි වාර්තා වන්නේ.

පසුව ඇය සහ ඇගේ යෙහෙළියක් සමග ධනුෂ්ක එම හෝටලයේ කාමරයක් වෙන් කරගෙන ඇත්තේ අදාළ තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය ඉදිරිපත් කරමිනුයි.

ධනුෂ්කගේ ආරාධනාවක් මත ඔහුගේ මිත්‍රයෙකු වන එංගලන්තයේ පදිංචි සංදීප් රොද්‍රිගෝ නමැත්තාද එම හෝටල් කාමරයට පැමිණ ඇති අතර ඔවුන් මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් එහි සිට තිබෙනවා.

පසුදින ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට ඇති නිසා ධනුෂ්ක ගුණතිලක අළුයම 2ට පමණ එම හෝටල් කාමරයෙන් තමන් නවාතැන් ගෙන සිටි කාමරයට ගොස් ඇති අතර සංදීප් නමැති පුද්ගලයා එහි රැඳී සිට තිබෙනවා.

පසුදිනයේදී තරුණියන් දෙදෙනාගෙන් 23 හැවිරිදි නෝර්වීජියානු තරුණිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇත්තේ සංදීප් නමැත්තා තමන්ට අතවර කළ බව පවසමින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරා ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවුණා.

කෙසේවෙතත් මේ වන විට විනය නීති කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසරක අන්තර්ජාතික තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් ගෙන සිටි අතර එහිදී නියමිත වේලාවට පෙර කාමරයට නොපැමිණීමත් සිය මිතුරකු කාමරයට ගෙන්වා ගැනීමත් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!