Gossip

වෛද්‍යවරුන්ගේ වැරැද්දෙන් අවුරුදු දෙකක දරුවෙක්ගේ ඇස් ඉදිමී එළියට ඇවිත්

හැම අම්මා තාත්තා කෙනෙක්ගෙම හීනය තමයි තමන්ගේ දරුවා නිරෝගීව ජීවත්වෙන එක. එහෙම ජීවත්වෙලා ලෝකය දිනන දරුවා දිහා බලන් ඉන්න එයාලා ආසයි.

දස මාසයක් කුසේ තියාගෙන තමන්ගේ දරුවා මෙලොව එළිය දකිනකන් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ඉවසිල්ලක් නෑ.

ඒත් තමන් එහෙම ආසාවෙන් බලන් හිටපු දරුවාට මේ ලෝකය දකින්න වරම් නැතිවුණොත් ඔවුන් කෙතරම් දුක්වෙයිද?

ලෝකයේ එහෙම දරුවන් දෙමාපියන් ඕනෑ තරම් ඉන්නවා.

අපි මේ කියන්න යන්නෙත් ඒවගේ කතාවක් ගැන.

ඉන්දියාවේ ඉපදුන වයස අවුරුදු 2 ක පුංචි පුතෙක් ඉන්නවා. එයාට මාස දෙකක් වෙද්දි අන්ධ වෙන්න පටන් අරන්. ඒකට වෛද්‍යවරු කරපු ප්‍රතිකාර නිසා පුංචි පුතාගෙ ඇස් ඉදිමිලා එළියට ඇවිත්. දැන් එයාට පොඩ්ඩක්වත් මේ ලෝකය දකින්න අවස්ථාවක් නෑ. වෛද්‍යවරු හොයාගෙන තියෙන විදියට මේ පුංචි පුතාට රුධිර පිළිකාවකුත් තියෙනවා. එයාගෙ තාත්තත් පිළිකාවකින් පෙලෙනවා. රස්සාවක් නැති එයාගෙ තාත්තට මේ පුතාට බෙහෙත් කරන්න තරම් වත්කමක් නෑ.

නමුත් වාසනාවට වගේ ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයකට මේ පුතාව මුණ ගැහෙනවා. එයාලා මේ දරුවට උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. විශේෂඥ වෛද්‍යවරු පුංචි පුතාට බෙහෙත් කරන්න ඉදිරිපත් වෙනවා. වෛද්‍යවරු කියන්නෙ ඒ අසරණ දරුවා සුවපත් කරන්න පුළුවන් කියලා. එතකොට ඒ දරුවාට එයාගේ අම්මගේ තාත්තාගේ මූණ දකින්නත් වාසනාව ලැබෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!