Gossip

ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය නිසා යාපනයේ ජනතාවට බයක් ඇතිවෙලා

යාපනය දිස්ත්‍රික්කයේ පසුගිය දිනයන්හි ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් ක්‍රියාත්මක කොට ඇති පරීක්ෂා කිරීම් හා සෝදිසි මෙහෙයුම්වලදී සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ප්‍රශ්න කොට මුදා නොහැර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා යාපනයේ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරයා මේ බව නියෝග කර ඇත්තේ යාපනය මහාධිකරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මහාධිකරණ විනිසුරුගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පොලිස් නිලධාරීන් සමඟ යාපනය නගරයේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුරදීයි.

මේ සාකච්ඡාවට උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ සිට සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වී තිබෙනවා.

මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය දිනවල යාපනයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් යාපනය ජනතාව කෙරෙහි බියක් ඇති වෙලා තියෙනවා. එම නිසා පොලිස් සෝදිසි කිරීම්වලදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ප්‍රශ්න කිරීම්වලින් පසුව මුදා නොහැර අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. පවතින තත්ත්වය පාලනය කිරීමටත් ජනතාවගේ බිය තුරන් කිරීමටත් අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසටයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!