Gossip

“දෙකෙන් එකක් අද තීරණය වෙනවා. අපි හිතාගෙන හිටපු දේ කරන්න බැරිවුණා” – නායක මැතිව්ස් කියපු අමුතු කතාව මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද පැවැත්වෙනවා.
මෙම තරගය ආසියානු කුසලාන තරගාවලියේ පැවැත්ම තීරණය කරන තරගය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වුණු තරගය බංග්ලාදේශය හමුවේ පරායට පත්වුණා.
ඒ ලකුණු 137 කින්.
තරගය අවසානයේදී මැතිව්ස් මෙලෙස අදහස් දක්වා තිබුණා.

“ඇෆ්ගනිස්ථානය එක්ක තියෙන තරගය අපිට අනිවාර්යෙන්ම පීඩනයක් වෙනවා. එක විකල්පයයි අපිට තියෙන්නේ. ඒ ජය ගැනීම. මේ තරගය තමයි අපි එළියට විසිවීම හෝ රැදීසිටීම තීරණය කරන්නේ.
එද දවසක් හොඳ වෙන්න පුළුවන්. තව දවසක් දුර්වල වෙන්න පුළුවන්.
මේ තරගය ආරම්භයේදීම මම කිව්වේ එක තරගයක් පරාජය වුණොත් අපිට පීඩනය එනවා කියලා. පළවැනි තරගය ජයගෙන තරගාවලියේ සජීවීව ඉන්න තමයි අපි බලාපොරොත්තු වුණේ. ඒත් ඒක කරන්න බැරිවුණා.
අපි පුළුවන් ඉක්මනින් සකස් වියයුතුයි. එක පුහුණු සැසියකින් පසුව අබුඩාබිවලට යනවා. එදිනම තරගයට සහභාගී වෙනවා. අපි පළවැනි තරගයේදී අතපසුවීම් ගොඩක් හදුනාගත්තා. ඒවා හදාගෙන ඉදිරියට යනවා.”

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගය අබුඩාබි ෂේක් ශයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5 ට ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වූ හේතුව ගැන මැතිව්ස් මේ විදිහට පැහැදිළි කර තිබුණා.
අපේ පන්දුව පහරදීම දුර්වල වුණා. ලකුණු 262 ක් කියන්නේ මේ තණතීරුවේ ලබාගන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්. තණතීරුව හොඳ එකක්.. ඒත් අපි වැරදි පහරවල්වලට ගියා.අවාසනාවකට අපේ පිතිකරුවෝ දුර්වල පහරවල් තෝරගත්තා.
මාලිංග හොඳ ආරම්භයක් ලබාදුන්නා. ඊට පස්සේ තීරණාත්මක උඩපන්දු කිහිපයක්ම අතහැරියා. ලසිත්ගේ පන්දු යැවීම අගය කරන්න ඕනේ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!