Gossip

දුරක සිටියත් ඇත්තටම හාදුවක් දෙද්දි දැනෙන හැඟීමම දැනෙන්න ෆෝන්වලට ආපු Kissenger

ලෝකේ ඕනම තැනක ඉඳන් ළඟ ඉන්නවා වගේ ‘ ෆෝන් එකෙන්‘ හාදු දෙන්න පිලිවන් විශ්මිත උපකරණයක් හොයාගෙන තියෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි.

ජංගම දුරකථනය හරහා ‘සැබෑවටම හාදුවක් දෙද්දි දැනෙන හැඟීමම දැනෙන්න‘ හාදු දෙන්න පුලුවන් කියලා කීවොත් බොහෝ අය විහිලුවක් කියලා හිතාවි.

හැබැයි තව දුරටත් ඒක විහිලුවක් නම් නෙමෙයි. දැන් ඇත්තටම කිස් එකක් දෙනවා වගේම දුර ඉදල කිස් කරන්න පුළුවන්.. දුරින් ඉදන් ආදරේ කරන අයට මේක ගොඩක් වටිනවා..

එමා යැන් සැන් නම් ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන ශිෂ්‍යාවක් මේ විදියට හාදු දෙන්න පිලිවන් උපකරණයක් නිර්මාණය කරමින් සිටිනවා.

මෙම උපකරණයේ නම ‘Kissenger’ ලෙසයි ඇය සඳහන් කරන්නේ.

තවමත් පරීක්ෂණ මට්ටමේ තිබුණත් ඉතා ඉක්මණින් මෙහි වැඩ අවසන් කිරීමට ඇය බලාපොරොත්තු වනවා.

‘කිසෙන්ජර්‘ කියන උපකරණය ජංගම දුරකතනයකට සවි කර ගත්තට පස්සේ ඒ මත දෙතොල් තබමින් හාදු දෙන්න පිලිවන් කියලා සැන් කියනවා.

දුර ඉඳන් ආදරය කරන බොහෝ දෙනෙකුට මෙම උපකරණය වැදගත් වේවි කියලත් ඇය කියනවා.

හැබැයි පුංචි ප්‍රශ්ණයකට තිබෙන්නේ දැනට මේ උපකරණය භාවිත කරන්න පුළුවන් අයිෆෝන් ජංගම දුරකතනවලට විතරයිලු.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!