Gossip News

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි..සුළගේ වේගය ද වැඩිවෙන ලකුණු..

නැගෙනහිර,ඌව පළාත්වලට ද, නුවරඑළිය, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හෝ වැසි අද පස්වරුවේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වාර්තා කරනවා.

බස්නාහිර, සබරගමුව සහ ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සිහින් වැසි ඇතිවෙන්න ඉඩ තියෙන බවට වාර්තා වෙනවා.

ඒ වගේම පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 45ක්, 50ත් අතර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!