Gossip

දෑස කඳුළින් පුරවමින් යුග දිවියට පිවිසි ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා ගැන මව සහ පියා හඬ අවදි කරයි – Photos

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා පසුගියදා යුග දිවියට පිවිසුණා.
ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලිගේ එකම දියණිය වූ තිසුරිගේ විවාහය අති උත්කර්ෂවත් අන්දමට පැවැත්වුණේ ජයික් හිල්ටන් හෝටලයේදී.
දෙවැනි ගමනේ උත්සවය තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාට් හෝටලයේදී සිදුවුණා.
පවු‍ලේ එකම දරුවා විදියට අම්මගෙයි තාත්තාගෙයි තුරුළේ හැදුණු “තිසුරි” අලුත් ජීවිතයක් හොයාගෙන යද්දී ඇගේ මව්පියන් වන සුසන්තා හා කුමරුගේ දෑස් නළියමිනුයි තිබුණේ.
ඒ සතුටයි දුකයි දෙකම මුසු වූ කඳුළින්.
දියණියගේ ජීවිතයේ වැදගත්ම දවස වෙනුවෙන් සතුටු වන අතරම ඇය තම කැදැල්ල හැර වෙනත් කැදැල්ලකට පියමං කිරීමේ දුකත් ඒ දෙදෙනා සමසේ විඳ දරා ගත්තා.
මේ හැමදේම ගැන තිසුරිගේ දෙමව්පියන් මේ විදිහට සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණා.

මුලින්ම අපි කැමතියි තිසුරිගේ ආදරණීය සැමියගේ විස්තර ටිකක් දැන ගන්න?
සුරාජ් විජේසිංහ, එයා නාවික නිලධාරියෙක්. කොට්ටාවේ තමයි පදිංචිය. තිසුරි විවාහ වෙලා කොට්ටාවේ තියෙන සුරාජ්ගේ නිවසට පදිංචියට යනවා.
සුරාජ්ගේ තාත්තත් නාවික ක්‍ෂේත්‍රයේ. ඒ හින්දා නාවික නිලධාරියෙකු වන කුමරුගේ හා සුරාජ්ගේ තාත්තා මිතුරන්.
මේ හින්දම මේ පවුල් දෙක අතරේ සමීප හිතවත්කම කාලෙක ඉඳන් තිබිලා තියෙනවා.
සුරාජ් කියන්නේ තිසුරිගේ හොඳම යාළුවා. පුංචි කා‍ලේ එකට සෙල්ලම් කරපු සුරාජ් හා තිසුරි කාලයත් එක්ක තාරුණ්‍යයට එද්දී ආදරවන්තයන් බවට පත් වුණා. දැන් ඒ ආදර කතාවට අවුරුදු 4ක් 5ක් විතර ඇති.

“අපිට ඒ සම්බන්ධයට විරුද්ධ වෙන්න හේතුවක් තිබුණේ නැහැ. දුවට ගැළපෙනම කෙනා තමයි සුරාජ්. ඒ හින්දා දෙපාර්ශ්්වයේම අය මේ සම්බන්ධයට ආශිර්වාද කළා.”
සුසන්තායි තිසුරියි දෙන්නාම ජනප්‍රිය නිළියො දෙන්නෙක්. ඒ හින්දම කලා ලෝකේ විශාල පිරිසක් මේ මංගල්‍යයට ඇවිදින් හිටියා.

විවාහයෙන් පසුව තිසුරි රංගනයෙන් සමු ගනීවිද?
“සුරාජ්ගේ කිසිම විරෝධයක් නැහැ රඟපානවට.
ඒ හින්දා තිසුරි දිගටම රඟපානවා. අනික ඉතින් හැමදාමත් තිසුරි රඟපෑවේ තෝරාගත් නිර්මාණ විතරයිනේ. ඉදිරියටත් ඒ තත්ත්වය ඒ විදියටම තියෙයි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!