Gossip

දැරියක් රැගෙන ගොස් දින කිහිපයක් තිස්සේ අඹුසැමි ඇසුරට ගත් ‘බබා’ සොයා පොලීසිය නගරයක් පීරයි

බාලවයස්කාර දැරියක්ව භාරකාරත්වයෙන් රැගෙනගොස් ඇය සමග අඹුසැමි ඇසුරක් පවත්වා එම දැරිවියව අතරමං කර පළාගිය “බබා” නමින් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ දැරිය වයස අවුරුදු 15 යි මාස 02ක් වන පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පුත්තලම පොලීසිය පවසනවා.

එම දැරිය තම මිත්තණිය භාරයේ සිට ඇති බවද වාර්තා වුණා.

මීට මාස 06 කට පමණ පෙර ඇය තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබෙනවා.

එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස එක් දිනක් සැකකරු අදාළ දැරියව ලැගුම්හලකට රැගෙන ගොස් දූෂණය කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.

පසුගිය 07 වැනිදා පුත්තලම කළපු තීරයේදී දෙදෙනා නැවත වතාවක් හමුවී තිබෙනවා.

පසුව එම අවස්ථාවේ සැකකරු විසින් එම දැරියව තම නිවසට කැඳවාගෙන ගොස් තිබෙනවා.

රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව අදාළ සැකකරු විසින් දැරිය යළිත් ලැගුම්හලකට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

එම දිනද දැරියව දූෂණය කළ බව ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අනතුරුව දෙදෙනාම 08 වනදා මහනුවර ප්‍රදේශයට ගොස් ඇති බවද වාර්තා වෙනවා.

එම අවස්ථාවේදී තමන්ට හදිසි කුලී ගමනක් ඇති බව පවසා සැකකරු දැරියව මහනුවර නගරයේ අතහැර පළාගොස් තිබෙනවා.

මහනුවර නගරයේ තනිව රැඳී සිටි දැරියව තවත් ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් පොලීසියට භාරදී තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් දැරිවිය මහනුවර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව රෝහලෙන් පිටත්වී ඇති ඇය පාලාවිය ප්‍රදේශයේ ඇති තම නිවසට පැමිණීමෙන් අනතුරුව සිද්ධිය පොලීසියට දැණුම්දීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුගේ නම තමන් නොදන්නා නමුත් ඔහුට “බබා” යනුවෙන් ආමන්ත්‍රණය කරන බවත් දැරිවිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!