Gossip

“දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා” – රටේ පළමු පුරවැසියාට තරුණියක් තැබූ ට්විටර් පණිවුඩය මෙන්න

මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීම හා මත්පැන් අලෙවිසැල්වලින් මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම පසුගියදා රජය විසින් ඉවත් කළා.
හැබැයි ඒ අවසරය තිබුණේ දවසක් දෙකක් විතරයි.
ජනාධිපතිවරයා විසින් එම චක්‍රලේඛනය අහෝසි කරන්න කියලා නියෝගයක් ලබාදුන්නා.
එම නියෝගයෙන් පස්සේ සමාජජාල මාධ්‍යවල විවිධ කතා පැතිරෙන්න පටන් ගත්තා.
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාවින්ද්‍යා තෙන්නකෝන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ට්විටර් පණිවුඩයක් ඔස්සේ සටහනක් තබා තිබුණා.
ඇය පවසා තිබුණේ “ඔබේ රටේ කාන්තාවෝ තමන් ගැන තීන්දු ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. එවැනි සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න.” යනුවෙනි
අවුරුදු 60 කට වැඩි කාලයකට පස්සේ කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න වගේම අලෙවිසැල්වල සේවය කරන්න අවසර හිමිවුණා.
හැබැයි අපේ සංස්කෘතිය හා සදාචාරය ගැන හිතලා ජනාධිපතිතුමා එය අහෝසි කළා.
මේ ගැන බොහෝ දෙනෙක් කැමැත්ත පලකළත් ඇතැම් පිරිස් එය පුරුෂෝත්තමවාදය ලෙස සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!