Gossip

ජනප්‍රිය ගායක රජිව් සෙබස්තියන් අත්අඩංගුවට?

ජනප්‍රිය ගායක රජිව් සෙබස්තියන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට වූ චෝදනාවක් මතයි.

වෙන්නප්පුව හෝටල් පරිශ්‍රයකදී 2017 අගෝස්තු 04 වනදා “සරම” නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා ප්‍රවීණ ගායන ශිල්පීන් වන සුනිල් පෙරේරා , ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා සහභාගි කරවන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 3ක අත්තිකාරම් මුදලක් ලබාගෙන සංගීත ප්‍රසංගය පැවැත්වීම පැහැර හැරිය බවට එම ප්‍රසංගයේ සංවිධායකවරයෙක් වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු ගායක රජිව් සෙබස්තියන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණා.

මෙම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 3ක චෙක්පතක් ලබාදුන් නමුත් එම චෙක්පතද අගරු වී ඇති බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අනුව සාපරාධී විශ්වාසය කඩ කිරීම , මුදල් වංචාව , සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොහුට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙන්නප්පුව පොලිසිය පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!