Gossip

දීර්ඝ මධුසමයකින් අනතුරුව ජනප්‍රිය බොලිවුඩ් නළු නිළි යුවළක් රෝහලට

මීට මාස කිහිපයකට ඉහතදී ජනප්‍රිය නළු නිළි යුවළක් වන කරන් සිං ග්‍රෝවර් සහ බිපාෂා බාසු විවාහ දිවියට එළැඹුණා.

එහෙත් පසුගිය සතියේ මොවුන් දෙදෙනා ගැන අලුත් ආරංචියක් පැතිරෙන්න පටන් ගත්තා

ඒ ඔවුන් දෙදෙනා ඉන්දියාවේ ප්‍රසිද්ධ රෝහලකට ගිය පසුවයි.

විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා පිටරටවල සවාරියේ යෙදී මාස කිහිපයක් තිස්සේ දීර්ඝ මධුසමයක් ගත කළා.

කොහොමවුනත් බොලිවුඩ් වල මාධ්‍යයන් කියලා තිබුණේ බිපාෂාට දරුවෙක් ලැබෙන්නට සිටින බවයි.

කෙසේවෙතත් මේ පුවත් හැමතැනම පැතිරෙද්දී බිපාෂා පැවසා ඇත්තේ තම සැමියා ගේ උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට රෝහලට ගිය බවයි.

දරු සම්පතක් ගැන පළ වූ ආරංචියක් ඇය ප්‍රතික්ෂේප කළා.

“අපි දෙන්නම දරුවන්ට කැමැතියි. ආදරෙයි. නමුත් දරුවකු දැන්මම ලබන්න අපේ අදහසක් නැහැ. ඒත් මගේ අම්ම‍ා නම් හරිම කැමැතියි මුණුබුරකුගේ, මිණිබිරියකගේ මූණ බලන්න. තව අවුරුදු දෙකකින් විතර ඒ බලාපොරෙ‍ාත්තුව ඉටුවේවි” කියලා තමයි ඇය වැඩිදුරටත් කියලා තිබ්බේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!