කටාන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් ජීවිත අහිමිවූ පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙම බෝම්බ ප්රහාරයෙන් ජීවිත අහිමිවූවන් වෙනුවෙන් පවත්වන දේව මෙහෙය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුකර තිබෙනවා.
මෙම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්ව තිබුණා.
කටාන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් බෝම්බ ප්රහාරයෙන් ජීවිත 111 ක් පමණ අහිමිවූ අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
මෙම පිරිසට ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයාද අද උදෑසන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණියා.