Gossip

“දරුවගේ තාත්තා මම කියලා මාව හොයාගෙන ආවා.දරුවව මට බාරදෙන්නයි එයාගේ ගෙදරින් ආවේ,ළඟදීම ඇය මගේ බිරිඳ බවට පත්වේවි”

තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය තරුණ ගායන ශිල්පියෙක් තමයි සඳුන් පෙරේරා කියන්නේ.
පසුගිය දවස්වල සඳුන් මියගියා කියලත් පුවත් හුවමාරු වුණා.
ඒ සිදුවීම ගැනත් සමාජ මාධ්‍ය නිසා සඳුන්ට මුහුණදෙන්න සිදුවුණු තවත් සිදුවීම් ගැනත් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට සඳුන් කියලා තිබුණා.

පසුගිය දිනවල ඔබ ගැන කතාවුණු ඒ සිදුවීමෙන්ම අපි කතාව පටන් ගමු?
මේක කාගේ වැඩක් ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මුලින්ම මේක ෂෙයා කරපු පුද්ගලයා නම් මම දන්නවා.
ඔහු අසහනකාරයෙක්. නිළියන්ට ගායිකාවන්ට ඇළුම්කරන, ඒ අයගේ ඡායාරූප තමන්ගේ ෆේස්බුක් එකේ පළකරන කෙනෙක්. ඔහු නළුවන්ට ගායකයින්ට මීට කලිනුත් මේ වගේ පොස්ට් හදලා දාලා තියෙනවා.
කරන්න වැඩක් නැතිව අතින් මේවාවලට වියදම්කරගෙන ෆේස්බුක් එකේ වීරයෙක් වෙන්න හදන, මුණ ගැහිලා හයියෙන් කතා කළාම කලිසමේ මූත්‍රා යන කෙනෙක් තමයි ඔහු. මේ වෙලාවේ මම ඔහුගේ නම ඔයාට කියලා පත්තරේ පළකළොත් ඒක එයාට වීරකමක් වෙයි.
තමන්ගේ නම ජාතික පුවත්පතක පළවුණා කියලා ආඩම්බරෙන්.

සඳුන්ගේ නිහැඬියාව ඔහුට අනුබලයක් වුණොත්?
ඔහු එක්කෙනෙක් විතරයි. ඔය වගේ අය සිය දහස් ගණනක් ඉන්නවා. විකෘති පෝස්ට් හදලා දාන දඬුවම් කරන්න ගියොත් මට අනිත් වැඩ කරන්න වෙලාවක් නැතිවෙයි. ඔය වගේ අය ඔහොම කරන්නේ අසහනය සංසිඳවා ගන්න. හැබැයි ඔයිටත් වඩා භයානක පිරිසක් ෆේස්බුක් එකේ ඉන්නවා.
ඒ තමයි ජනප්‍රිය නළුවන්ගේ, ගායකයින්ගේ නමින් පෙනී සිටින අය. ඒ විදිහට මගේ නමින් හදපු හොර ප්‍රොෆයිල් 1000 කට වඩා දැනට තියෙනවා. ඒ අය ගෑනු ළමයින්ට චැට් කරලා කලාවට එන්න අවස්ථා දෙනවා කියලා මුලා කරපු අවස්ථා, සල්ලි ගත්තු අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

සඳුන්ටත් ඒ වගේ දේවල් වෙලා තියෙනවාද? කැමතිද ඒ ගැන තව ටිකක් කියන්න?
ඈත ගමක ඉන්න, එතරම් දැන උගත්කමක් නැති ඉතාම අඩු වයසින් මවක් වූ ගෑනු ළමයෙක් මගේ තදබල රසිකාවියක් වෙලා තියෙනවා. ඇය මගේ නමින් පෙනී සිටින මේ වගේ ෆේස්බුක් හොරෙක් එක්ක දිගට හරහට චැට් කරලා. ඇය දරුවට කියලා තියෙන්නේ දරුවගේ තාත්තා සඳුන් පෙරේරා කියලා. අර මනුස්සයත් හරි කරුණාවන්ත විදිහට දරුවයි අම්මයි එක්ක කතා බහ කරලා. අන්තිමට ඒ පුංචි දරුවගේ මානසික තත්ත්වය ගැන හිතලා දරුවයි අම්මවයි භාර ගන්න කියන්න ඒ ගෑනු ළමයගේ අක්කලා මාව හොයාගෙන ආවට පස්සේ තමා ඇත්ත හෙළිවුණේ.

මේ වගේ දේවල් වලදීත් ඔබ නිහඬව ඉන්නවාද?
නැහැ. මම මේ වෙද්දී මගේ නමින් ෆේස්බුක් පවත්වාගෙන යන කිහිප දෙනෙකුගේ තොරතුරු හොයාගෙන ඉන්නේ. ඉදිරියේ දී පොලිසියත් එක්ක ඒ අය හමුවෙන්න යනවා.
එහෙම ගිහින් එයාලව පොලිසියට අල්ලලා දීලා ඒවා වීඩියෝ කරලා අන්තර්ජාලයට දානවා. එතකොට ඒ වගේ වැඩ කරන අනිත් අයත් නිහඬ වෙයි.

සිත් කලකිරවන මෙබඳු අත්දැකීම් තිබුණත් සඳුන්ට විශේෂම කෙනා ළං කළෙත් ෆේස්බුක් නේද?
ඇය ඔස්ට්‍රේලියාවේ පදිංචි සිංහල වෛද්‍යවරියක්. මට ගොඩක් ආදරේ කරන කෙනෙක්.
ඒ හින්දම මං විදිහට පෙනී ඉන්න ෆේස්බුක් හොරෙක් එක්ක චැට් කරලා. කොහොම හරි අහම්බෙන් ඇය මට හමුවුණේ ෆේස්බුක්වලින්ම තමයි. අර සිදුවූ වැරදිම නිවැරදි වෙලා පසුව ඇය මගේ මිතුරියක් වුණා. දැන් ඒ මිත්‍රත්වය දුර ගිහින්. ළඟදීම ඇය මගේ බිරිඳ බවට පත්වේවි. මාව මරලා දාපු ෆේස්බුක් එකම තමයි මට ජීවිතය දුන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!