Gossip

“සිල් සුවඳට නොදෙවෙනි මව් සුවඳ විහිදෙන කසාවත දරන මගේ ආදර අම්මා” – Photos

ජිවිතේ දෙයක් අත්හරින එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඒකට ලොකු ආත්මශක්තියක් තියෙන්න ඕනේ.
මේ අපි කියන්න යන්නේ එවන් මවක් සහ දියණියක් ගැනයි.
ඒ අම්මා මේ වෙද්දි මෙහෙණින් වහන්සේ නමක්.
මේ අම්මගේ ගිහි කල නම නන්දා පියරත්න මෑණියන්ය.
ඇය වෙද හෙදකම් කරනා වෙද මහතකුගේ දියණියක්.
ඇයගේ පවුල පිරැණ පවුලක් වන්නේ සහෝදරයන් දෙන්නෙකුත් සහෝදරියන් පස් දෙනෙකුත් අයට පවුලෙන් හිමි වන නිසාය.
මෙලෙස සෙනෙහේ පිරැණු කැදැල්ලක ජීවත් වූ ඇය ආයෙත් යන්නේ එලෙසින්ම සෙනෙහස පිරැණු කැදැල්ලක් බදින්නටය.
ඒ නන්දාට ලැබෙන සෙනෙහෙබර ස්වාමියා ඉන්දු උබේසේන සමගය.
අද එකතු වෙලා හෙට වෙන්වන ප්‍රේමවන්තයන් සිටිනා ලොවක ඔවුන්ගේ ප්‍රේම කතාව තුල බොහෝ දේ අපේ ජීවිතයට ගත හැක.
ඔවුන් විවාහ වෙන්නේ අවුරැදු 13ක ප්‍රේම කතාවකින්.
මේ ප්‍රේම අන්දරය තවත් ශක්තිමත් කරමින් පුතුන් දෙදෙනෙකුත් දුවෙකුත් ඔවුන්ගේ ජීවිතයට එකතු වන්නේ කාලයත් සමගය.
දිනෙන් දින බැදීම් වැඩි වුවද මේ දෙදෙනාගේ ආදරයේ අඩුවක් නම් ඇතිවී නැත.
ඒ අවබෝධය මේ දෙදෙනා අතර ඕනවටත් වඩා තිබුණි. ආදරයත් සමග ජීවිතයත් සමග මේ දෙදෙනාගේ ප්‍රේම කතාවද වයස්ගත වී තිබුණි.
මොවුන්ගේ දියණිය ලොව ප්‍රකට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක්.
උබේසේකර මහතා වයස සමගම රෝගාතුර වු විට නිතරම කියපු දෙයක් වූයේ මම ඉක්මනට මේ දුකෙන් ඔයාව නිදහස් කරනවා මැණිකේ කියාය. අවබෝධය වගේම ආදරය පිරැණු ආදර කතා හොයා ගන්නට අපහසුය.මේ අපහසුකම නිසාම එය දිනෙක ජීවිතයේ අතහැරීම ද මහත් වෙහෙසකරය. කොයිතරම් තදින් බැදී හිදිය ද දිනෙක මේ සියලුම බැදිම් අතහැර ගන්නට වීම පොදු කාරණයකි. ඉන් ගැලවීමට කිසිවෙකුටත් නොහැකිය.
මේ නිසා මේ පේ‍ර්ම කතාවේ භෙෳතික පැවැත්මක් අහිමි කරමින් උබේසේකර මහතා යන්නට යන්නේය.
මේ සියලුම දෝමනස්සයන් අතරදී උබේසේකර මහතාගේ නික්ම යාමෙන් මාස 03කට පසු පියරත්න මැණිකේ තීරණය කරන්නේ තමන්ගේ ආත්ම සහගත බැදීම ගිලිහුණු පසු සංසාරයේ තමන් බැද තිබූ සියලුම බන්ධනයන්ගෙන් නිදහස් වන්නටය.
අවසානයේ ඇය එරත්නේ නිරෝධා නමින් පැවිදි දිවියට පැමිණෙන්නේය.නිරෝධා මෑණියන්ගේ දරැවන් තිදෙනා ද ඇයව මේ බැදීම්වලින් නිදහස් කරන්නේ ඇගේ සතුටට ඉඩ දෙමිනි.
මේ කතාවේ දෙවෙනි අන්තය නිරෝධා මෑණියන්ගේ එකම දියණියයි. කතාවේ දෙවෙනි දිලෙන අන්තයයි.
තක්ෂිලා වන ඇය මේ වනවිට ඩුබායිහි එමිරේට්ස් ගුවන්සේවයේ සේවය කරනවා.
ඇය කොහේ හිදියද නිවාඩුවක් ලැබුණ ගමන් අම්මා බැලිමට පන්සලට දුවෙගන එන්නේය.
දෛවයේ සරදමකට වගේදෝ මොකක්දෝ ලියවීමකට අනුව තක්ෂිලාටද ඉන්නේ නා නා රෑප ලෝකයේ දකින විදින ඇය කියන්නේද තමන්ගේ මේ සියලුම බැදිම් අවබෝධයෙන් විදින බවය. ඒ වගේම ඕනෑම මොහොතක මේ බැදීම් උපේක්ෂාවනේ අතාහරින්නටද හැකි බව ඇය කියන්නීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!