Gossip

තමන්ගේ වියදමින් පාර හැදුව ගම්වාසීන් පිරිසකට අධිකරණයෙන් දඩ – වෙන කොහේවත් නෙවෙයි ලංකාවේ

පදිය පැලැල්ල – ලියන්වල මඩුමාන හන්දියේ සිට ගලපැලියාව දක්වා දිවෙන වරල්කාටිය මාර්ගය දෙපස දැනට වසර 45 ක සිට පදිංචිවී සිටින පිරිස් පවුල් 36 කට උසාවියෙන් දඩ නියම කිරීමක් ලයන්වල ගමෙන් වාර්තාවේ.

මෙම මාර්ගයේ අවශ්‍යතාව දැඩිව දැඩිව දැණුනු පවුල් 36 ක පිරිස රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් වැය කරමින් හා තම පුද්ගලික ඉඩම්වලින් කොටස් පරිත්‍යාග කරමින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මෙම මාර්ගය සකසා ගෙන තිබේ.

මේ සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සහ සංවර්ධන නිලධාරීයා දැනුවත් කළ බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම මාර්ගය පුළුල් කර ගැනීම සඳහා ස්ව කැමැත්තෙන් ඉඩම් පරිත්‍යාග කළ පිරිසකගේ කොස්ගස් කිහිපයක් ඉවත් කිරීමට සිදුවී තිබිණි.

ග්‍රාම නිළධාරීවරයා සහ සංවර්ධන නිළධාරීවරයා පවා ඇත්තේ මෙම ගස් මුළුමනින්ම ගලවා දමන ලෙසයි.

මෙසේ මාර්ගය තනා අවසන් වීමත් සමඟම තමන්ගේ ලිඛිත අවසරයක් ලබා නොගත්බව පවසමින් ග්‍රාම නිලධාරීවරයා විසින් වලපනේ පොලීසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව වලපනේ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් මෙම පවුල් 36 ක පුද්ගලයින්ට පවරා තිබෙන අතර රුපියල් 5000 බැගින් දඩ නියම කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.

වසර 45 ක් තිස්සේ කිසිවෙකුගේ පිළිසරණක් නොලබා මෙම මාර්ගය තමන්ගේ වියදමින් සාදා ගැනීමට තමන් කළ වරද දැයි ප්‍රදේශවාසීන් අසති.

මේ සදහා වලපනේ ප්‍රදේශීය ලේකම්වරයාගේ සහ ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!