Gossip

දමිත් අසංක අධිකරණයට රැගෙන එයි – තීන්දුව බලන්න ඔහුගේ රසිකයන් අධිකරණය වටා පෙළ ගැසෙයි

ගායන ශිල්පී දමිත් අසංක මහතා අද(09) දින යළි වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වන විට රැගෙන විත් තිබෙනවා.

වැල්ලවාය, කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලිවැව ප්‍රදේශයේ දී බීමත්ව අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් පසුගිය දා කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ දමිත් අසංක මහතා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියෝග කළේ.

එමෙන්ම ඔහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණා.

දමිත් අසංක මහතාගේ රසික ජනතාව ද අධිකරණය අවට රැදී සිටින බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!