Gossip

දකුණු අප්‍රිකාව ළඟ සිංහයන් අසරණ වුණු හැටි මෙන්න

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තතරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 193 ක් පමණයි.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 81 ක් හා තිසර පෙරේරා ලකුණු 49 ක් ලබා ගැනීමට සමත් වුණා.

කුසල් ජනිත් අද ලබාගත්තේ සිය දසවන එක්දින අර්ධ ශතකයයි.
මෙම ලකුණු 81 පන්දු 72 කින් ලබාගත් අතර එයට හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ඇතුලත් වුණා.
පන්දු යැවීමේදී කගිසෝ රබාඩා සහ ටබ්රයිස් ෂම්සි කඩුලු 4 බැගින් දවාගත්තා.
මේ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාවට හිමිවූ ඉලක්කය ලකුණු 194 ක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!