Gossip

“අනේ මං නිසා මේ වෙච්ච අපහසුතාව ගැන දහස්‌ වාරයක්‌ මට සමාවෙන්න. අයින් වෙලා නෑ.. තාවකාලිකව ඉවත් වීමක්‌ තමයි මේක”

විශ්ව ලංකා කියන්නේ ජනප්‍රිය නිවේදකයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක්.
විශ්ව මුහුණුපොත හරහා සිදුකළ සමහර ප්‍රකාශයන් නිසා පසුගිය දවස්වල විශ්ව ගැන ලොකු කතාබහක් ඇති කළා.

මොකක්‌ද මේ එක පාරට සිද්ධ වුණේ?
රූපවාහිනී වැඩසටහනක්‌ කර කර ඉන්නකොට පුංචි අකරතැබ්බයකට මුහුණ දුන්නා.

මොකද වුණේ?
වැඩසටහන අතරමඟදී පඩි පෙළකින් බහින්න ගිහිං තමයි මේක සිද්ධ වුණේ.
වෙන කල්පනාවක්‌ පිට පඩි පෙළ බැස්‌සා’ ඇත්තටම කියනවා නං පඩි පෙළ කියලා හිතලා අඩිය තිබ්බා. නමුත් පඩිපෙළ එතන නෙමෙයි කකුල අනිත් පැත්තට පෙරලුණා.
ඉතිං මසල්ස්‌ පොඩ්ඩක්‌ ඉරිලා.

ප්‍රතිකාර ගත්තාද?
ඔව්. සිංහල බෙහෙත් කරන්නේ.

කවදද මේක සිද්ධ වුණේ?
දැන් දවස්‌ පහක්‌ විතර වෙනවා.

මෙහෙම ගෙදර එනකොට ඔබේ බිරිඳගේ ප්‍රතිචාර කොහොමද? ඇය කලබල වුණාද? ඔබව දැකලා?
අනතුර වෙච්ච ගමන්ම එයාට කතා කරලා කිව්වා. නමුත් මම වැඩසටහන ඉවර කළා.
නැත්නම් අනිත් හැමෝම අපහසුතාවට පත් වෙනවනේ. ඒ වැඩ ඉවර කරලා මම තනියෙන් වාහනේ පදවගෙන් ගෙදර ආවේ.
කුරුණෑගලට එන්නත් ඕනනේ. ගෙදරට ඇවිත් වාහනෙන් බහිනකොට නං මට ඇවිදගන්න පුළුවන් තත්ත්වයක්‌ තිබුණේ නෑ. බිරිඳ තමයි ඉතිං හැමදේම කළේ. ඇය යකඩ ගැහැනියක්‌නේ.

ටෙලි චිත්‍රපටයේ වැඩකටයුතු නතර කළාද?
මගේ ප්‍රඩක්‌ෂන් හවුස්‌ එකෙන් දෙරණ නාලිකාවට කරන නිර්මාණයක්‌ ඒක. මේ උදාවෙන ඇසළ පෝය නිමිත්තෙන් තමයි ඔය කියන ටෙලි චිත්‍රපටය කළේ. වෙලාවට ඒකෙ වැඩකටයුතු ඉවරවුණා. මේක හැම පෝයටම මම දෙරණ නාලිකාවට කරන නිර්මාණ කටයුත්තක්‌. දුෂ්කර ගමක පාසලක සිද්ධ වන කතාවක්‌ තමයි මේ සැරේ නිර්මාණය වුණේ.

අලුත් චිත්‍රපටවලට සම්බන්ධ වුණේ නැද්ද?
අලුතින් නං සම්බන්ධ වුණේ නෑ. චිත්‍රපට කෙරෙන්නේත් නෑනේ දැන් වැඩිය. ඒවාට වැඩිය කතා කරන්නෙත් නෑ ඉතිං.

ඉස්‌සරහට මොනවද කෙරෙන විශේෂ වැඩ?
දීර්ඝ ටෙලි නාට්‍යයක්‌ කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. මේ දවස්‌වල දිලූප ප්‍රසාද් ගුණතිලක එක්‌ක. මං එයත් එක්‌ක තමයි දැන් අවුරුදු ගාණක්‌ තිස්‌සේ වැඩකරන්නේ.

ඉස්‌සරහට දිගටම තමුන්ගේ නිර්මාණ කරගෙන ඉන්නද බලාපොරොත්තුව?
එහෙම නැහැ. ඒවත් කෙරෙනවා අනිත් වැඩත් එක්‌ක.

පවුලට තවත් සාමාජිකයෙක්‌ එකතු වුණා නේද?
ඔව්. තවත් පුතෙක්‌. ලොකු පුතා අකේන්. අවුරුදු පහට ළඟයි. දැන් පොඩි පුතා චෙනුක්‌.
එයාට මාස පහයි. පහුගිය කාලේ පොඩි පුතා හම්බවුණ අලුත වැඩ කිහිපයක්‌ අත්හරින්න සිද්ධ වුණා. මොකද පහුගිය මාස පහ පුරාම මම උදේ හවස කොළඹ යනවා ගෙදර එනවා. ඉස්‌සරහට ඉතිං ගැටලුවක්‌ නැහැ.
ලැබෙන අරාධනා භාර අරං වැඩ කරගෙන යනවා.

විශ්ව කලා ක්‌ෂේත්‍රයෙන් කලා කටයුතුවලින් අයින් වෙලා කියලත් කට කතාවක්‌ පැතිරුණා නේද?
එහෙම අයින් වෙලා නෑ. එක අතකට ඉතිං තාවකාලිකව ඉවත් වීමක්‌ තමයි මේක.
මොකද දැන් අදත් ෂූටින්. නමුත් කකුල නිසා යන්න විදිහක්‌ නෑ. කතා කරලා දින කල් දාගත්තා.
ගොඩක්‌ වැඩ අතපසු වුණා. අසනීප තත්ත්වය නිසා සියලු දෙනාගෙන්ම මං සමාව ඉල්ලනවා මේ වෙලාවේ. ඒත් ඉතිං කරගන්න දෙයක්‌ නෑ අසනීප තත්ත්වෙත් එක්‌ක මේ වෙලාවේ ඉක්‌මනට සුවවෙලා වැඩවලට සම්බන්ධ වෙන්නයි හිතන් ඉන්නේ.

ගායනයට විශේෂ අවධානයක්‌ දෙන්න යනවා කියල ආරංචියි?
මං ක්‌ෂේත්‍රයට එන්න කලින් සංගීත කණ්‌ඩායමක කටයුතු කළා. දැනටත් ගායනා කරනවා ගීත. නමුත් මගේම ගීතයක්‌ නිර්මාණය කිරීමේ අදහසක්‌ තියෙනවා. මට විශේෂයෙන්ම කියන්න ඕන මගේ ආයතනයේ සහ භාරගත්ත වැඩවල නිෂ්පාදකවරු අධ්‍යක්‍ෂවරු සහෝදර ශිල්පින් ශිල්පිණියන් හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා මගේ අතින් මේ දවස්‌ ටිකේ වැඩ කටයුතු අතපසු වුණාට.
මොකද අද වෙනකන් මම කිසි කෙනකුට කිසි වැඩකට බොරු කියලත් නෑ පොලු තියලත් නෑ. කරගෙන යන වැඩවල අනේ මං නිසා මේ වෙච්ච අපහසුතාව ගැන දහස්‌ වාරයක්‌ මට සමාවෙන්න.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!