Gossip

ඇමරිකාවේ ආර්ථික වර්ධනය ජනපති ට්‍රම්ප්ගේ ඇගයීමට ලක්වෙයි

වසරේ දෙවැනි කාර්තුවේදි අමෙරිකාවේ ආර්ථිකය 4.1% ක වාර්ෂික අනුපාතිකය වර්ධන වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා දිනයේදී ධවල මන්දිරයේ සිට මෙය අගය කරමින් අදහස් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අගයන් ස්ථාවරව බවත් මෙය අහම්බයෙන් සිදු වූවක් නොවන බවත් දිගින් දිගටම සිදුවෙවි කියලා ඔහු විශ්වාසය පළ කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකි බවට ආර්ථිකවේදීන් අනතුරු අඟවා ඇති බව සඳහන්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ පාලන කාලයේ සිදු වූ ආර්ථික වාසි අගයකර ඇති අතර ඇමරිකාව මේ අවස්ථාවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත් දකිමින් සිටින බවද ඔහු පවසා තිබෙනවා.

මේ දළ දේශීය නිෂ්පාදිත අගයන් බලවත් ආර්ථිකයක් පෙන්නුම් කරන බවට ආර්ථිකවේදීන් අගය කරන අතර නමුත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙස සුභවාදී දෙයක් ලෙස දුටුවද මේ ආර්ථිකයේ 4.1% ක වාර්ෂික අනුපාතිකය වර්ධනය ඇතිවී තිබෙන්නේ වෙළඳ යුද්ධයේ බිය නිසා ඇතිවූ අපනයනවල හදිසි ඉහළ යාමක් නිසා බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

මේ හදිසි වර්ධනය ඊළඟ ආර්ථික කාර්තුවේ හදිසි පහළ වැටීමකට පත්විය හැකි බවටද අනතුරු අඟවා තිබේ.

කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙම අපනයනයන් හේතුවෙන් අමෙරිකානු වෙළඳ හිඟය අමෙරිකානු ඩොලර් බිලියන 50 කට වැඩි සංඛ්‍යාවකින් අඩුවීම විශාල ජයග්‍රහණයක් බවයි.

අමෙරිකාවේ ආර්ථිකය අනෙකුත් රටවලට ඊශයාවට ලක්වෙන ස්ථානයකට ගෙනැවිත් ඇති බවත් අමෙරිකාව තරම් අනෙක් රටවල්වලින් වෙළඳ වශයෙන් දූෂණය වූ රටක් නොමැති බවත් මිත්‍රරටවල් වලින්ද එය සිදු වූ බව අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!