Gossip

තීරු බද්ද කෝටි 06යි – කෝටි 11 යි වටිනාකම – රටේ ඉහළම ප්‍රභූවරයෙක්ගේ පුතෙකුට ගෙනා ලැම්බොගිනියක් කොළඹ වරායට

දේශපාලන පුත්‍රයෙක් විසින් ගෙන්වා ඇති බව කියන මිල අධික ලැම්බොගිනි වර්ගයේ නවීනතම මෝටර් රථයක් කොළඹ වරායේ සන්හිල් අංගනයේ නවතා තිබෙන බවට රාවයක් පැතිරෙනවා.

මෙරටට වාහන ගෙන්වන ප්‍රධාන පෙලේ වාහන ආනයන සමාගමක හිමිකරුගේ බිරිඳගේ නමින් මෙය ගෙන්වා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම රථය තීරු බදු ගෙවා රැගෙන යාමට ඇය පැමිණියත් එහිදී ඇතිවූ යම් යම් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය විසින් සඳහන් කර ඇත්තේ මෙය තම නමින් ගෙන්වුවත් සැබෑ හිමිකරු ප්‍රභූ දේශපාලන පුත්‍රයෙකු බවටයි.

ඒ බව සඳහන් කිරීමත් සමග කෙටි කාලයක් ඇතුලත වාහනයට අදාළ සියළු ලියකියවිලි සම්පූර්ණ කර දී ඇති බවටද වාර්තා වනවා.

මෙම වාහනයේ එන්ජින් ධාරිතාවය ඝන සෙන්ටිමීටර 5000 ක් වන අතර පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කළ හැකි බවද වාර්තා වනවා.

එන්ජින් ධාරිතාවය අනුව මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බද්ද ලක්ෂ 580ක් වන බවත් වාහනයේ වෙළඳපල වටිනාකම ලක්ෂ 1190ක් වන බවත් වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!