Gossip

තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම්

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට එරෙහිව වහාම විශ්වාසභංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවට වාර්තා වනවා.

පාර්ලිමේන්තුව තුලදී ස්වාධීනව කටයුතු කිරීම නියෝජ්‍ය කතානායකගේ වගකීම වුණත් ඔහු අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයේදී මුළුමනින්ම පක්ෂග්‍රාහී කටයුතු කළ බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

එහෙයින් නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අවධාරණය කරනවා.

කෙසේවෙතත් ඊයේ පැවති විශ්වාසභංග විවාදයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පැවසුවේ, තම කණ්ඩායම විශ්වාසභංගයට පක්ෂවීමට තීරණය කළේ ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් අනුව බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!