Gossip

තවත් දළ ඇතෙක් අතුරුදහන් – සියලු විස්තර මෙන්න

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණයත් සමග ලංකාවේ අලි ඇතුන් ගැන අලුත් කතාබහක් ඇතිවුණා.

හැබැයි ලංකාවේ අලි ඇතුන්ට මේ ලබලා තියෙන්නේ නම් හොඳ කලදසාවක් නම් නෙවෙයි.

ඒ තවත් දළ ඇතෙක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා ආරංචියක් හැමතැනම පැතිර යන නිසායි.

මින්නේරිය ජාතික වනෝද්‍යානය කියන්නේ අලි ඇතුන්ගේ තෝතැන්නක්. මින්නේරිය, කවුඩුල්ල, සෝමාවතිය රක්ෂිතවල සැරිසැරුව තවත් දළ ඇතෙක් අතුරුදහන් වෙලා කියලා පරිසරවේදීන් කියලා තියෙනවා.

කතිර දළ ඇතා කියලා තමයි ගොඩක් අය මේ ඇතාව දන්නේ. ඒකට හේතුව ඇතාගේ දළ යුගල එකිනෙක හා වෙලා තියෙන එක. “මහසෙන්” කියලත් මේ කතිර දළ ඇතාව හඳුන්වනවා.

මහසෙන් ඇතාගේ උස අඩි 12 ක් විතර ඇති. දළ දෙක අඩි 6 ක් විතර දිගයි. පරිසරවේදීන් කියන විදියට මීට මාස 8 කට කලින් තමයි මේ ඇතාව අන්තිමටම දැකලා තියෙන්නේ.

ඒ මින්නේරිය ජාතික වනෝද්‍යානයයේදී. මීට කලිනුත් කතිර දළ ඇතාට දඩයක්කරුවන් වෙඩි තියලා තිබ්බා. ඒ නිසා ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් මේ ඇතාට ප්‍රතිකාරත් කරලා තියෙනවා. මේ ඇතා මින්නේරිය, මාදුරුඔය, කවුඩුල්ල, සෝමාවතිය යන වනෝද්‍යානවල තමයි සාමාන්‍යයෙන් ඉන්නවා කියන්නේ. හැබැයි මාස 8 කින් මේ එක වනෝද්‍යානයකවත් මහසෙන් ඇතා දැකලා නෑ.

මේ ගැන වනජීවී දෙපාර්තුමේන්කුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කියලා තියෙන්නේ “මහසෙන් මින්නේරියට එන්නේ හැම අවුරුද්දේම අප්‍රේල් මාසේ. මාස 8 ක් විතර එයා පේන්න හිටියේ නෑ. මහසෙන් කියන්නේ මින්නේරියේ ඉන්න ඇතෙක් නෙවෙයි. අප්‍රේල් වල මින්නේරියට ඇවිත් මාස 2 ක් විතර ඉඳලා ආයෙත් යනවා. කවුඩුල්ල, සෝමාවතිය, මාදුරුඔය රක්ෂිත වල මහසෙන් ඇවිදිනවා. අන්තිමට මේ පාර ආව වෙලාවෙත් එයාට බෙහෙත් විද්දා. ලොකු කැලයක එකපාරට ඇතෙක් හොයන්න බෑ.” කියලායි

හැබැයි ඉතිං එහෙම කියලා ඇතා ළඟට එනකන් හිටියොත් නම් කලින් වගේ ඇතාගේ දළ දෙක විතරක් හම්බෙන්න බැරි කමක් නෑ. එහෙමවුනොත් අපේ රටේ ඉතිරි වෙන්නේ පෙරහැරේ යන අලි ටික විතරයි.

මින් පෙර අවස්ථාවකදී මේ දළ ඇතාට වෙඩික්කරුවන් විසින් වෙඩි තබා තිබූ අාකාරයයි මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!