Gossip

හීන නැතුවා නෙවෙයි – ගැළපෙන කෙනා හමුවෙනකල් මෙහෙම ඉන්නවා – ශලනි තාරකා

ශලනි තාරකා කියන්නේ නව පරපුරේ දක්ෂ, සම්මානලාභී රංගන ශිල්පිණියක්. පසුගිය දවස්වල ඇය ගැන කුමන කතා පැතුරුණත් ඇය ඒ සියල්ල මැද නැවත ජීවිතයට පණ පොවමින් ඉන්නවා. තමාට ලැබෙන ඕනෑම චරිතයක් අභියෝගයට ගනිමින් රංගන කාර්යෙහි නිරතවන ඇය සම්බන්ධයෙන් මීට කලකට ඉහත දී අන්තර්ජාලයේ පළ වූ ලිපියක් සම්බන්ධයෙන් නැවත අවධානය යොමු වී තිබෙනවා. එය පහතින්….

කවද හරි හිතුවද නිළියක් වෙන්න?
03 වසරේදි මගේ බලාපොරොත්තු ගැන රචනාවක් ලියන්න දුන්නම මම ලිව්වලු ලොකු උනාම නිළියක් වෙනවා කියලා. ඒත් ලොකු පන්තිවලට එනකොට ඒ බලාපොරොත්තුව නැතිවෙලාම ගියා. අපි ඉස්සර හිටියේ මීගමුවෙ නිසා මම නිතරම ප්ලේන් යනවා දකිනවා. ඒ නිසා මම ආස කළේ ගුවන්සේවිකාවක් වෙන්න.

බලාපොරොත්තු නොවී ලැබුණු ජනප්‍රියත්වය ගැන දැන් මොනවද හිතන්නේ?
හරි සතුටුයි. මම හෙමින් ආපු කෙනෙක්, එක රැයින් ජනප්‍රිය උනේ නෑ. ඉතිං මම හෙමින් ජනප්‍රිය වුණු නිසා මම හිතන්නේ මගේ ජනප්‍රියත්වය නැති වෙන්නෙත් හෙමින් හෙමින් කියලයි.

ශලනි කවි ලියන්නේ කා ගැන ද?
මම කවි ලියන්නේ මගේ යාළුවන්ගේ ආදර කතා ගැන.

හැමදාම අනුන්ගේ ආදර කතා ගැන ලිය ලියා ඉඳලා හරි යන්නෙ නෑ නේද?
මටත් ආදර කතා නම් තිබිලා තියෙනවා. ආදරේ කළේ නෑ කියනව නම් මට ලෙඩක් තියෙනවා වෙන්න එපැයි. ඒත් මම හිතන්නේ නොගැලපීම් එක්ක ඉස්සරහට යනවට වඩා හොඳයි ඒ අයගෙන් වෙන්වෙන එක.

විවාහය ගැන තියෙන හීන මොන වගේ ද?
හීන නැතුවා නෙවෙයි. ඒත් නොගැළපෙන මනුස්සයෙක් ව කසාද බැඳලා ඉක්මනට දික්කසාද වෙන්න මම කැමති නෑ. බැඳලා විඳවන්න බෑ. ඒ නිසා ගැළපෙන කෙනා හමුවෙනකල් මෙහෙම ඉන්නවා.

ලස්සන ගැන ශලනිට ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද?
සමහරු මම ලස්සනයි කියලා කියනවා. මම කතා කරන විදිහට, යන එන, අඳින පළඳින විදිහට ආස අය ඉන්නවා. ඒත් මට නම් මම ලස්සන නෑ.

ලස්සන නැත්නම් ‘සිරස කුමරිය’ වෙන්න බෑනේ…?
ඒක මගෙ වාසනාව

විලාසිතා කරන්නේ පරිස්සමින් ද?
ඔව්. සාමාන්‍යයෙන් අපි තැනකට ගිහාම මිනිස්සු අපි දිහා වැඩිපුර බලනවා. ඒත් එහෙමයි කියලා වැඩිපුර රඟපාලා කැපී පේන්න මට උවමනා නෑ. තරුවක් වගේ ලස්සනට පේන්න ඒත් අසභ්‍ය නොවෙන්න මම ලස්සනට විලාසිතා තෝර ගන්නවා.

ලස්සන සහ ජනප්‍රියත්වය වැඩි නිසා ශලනිට වැඩ වැඩි ඇති නේද?
ඔව්. ටෙලි නාට්‍ය කීපයකම වැඩ එකවර භාර අරගෙන රඟපානවා. ඒත් හෙම්බත් වෙන්නෙ නැතුව ඉන්න පරිස්සම් වෙනවා. එකවර වැඩ ගොඩක් කළාට කවදාවත් කිසිම චරිතයකට අසාධාරණයක් කරන්නේ නෑ.

(උපුටා ගැනීමකි … 2017.04.02 පළ වූ ලිපියක් ඇසුරින්)

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!