Gossip

“හවස 6 න් පසු Offline ගොස් කීකරු සැමියෙකු වෙයි අහිංසක බිරිඳ ළඟ” – සම+හරක් සැමියන්

තාක්ෂණය නිසා ජීවිතවලට ලැබෙන දේවල් වගේම ජීවිතවලින් ගිලිහෙන දේවලුත් ගොඩක් තියෙනවා.
මේ තාක්ෂණය නිසා බැඳීම් ශක්තිමත් වෙනවා වගේම බැඳීම් නැතිවෙලත් යනවා.
ඒ නිසා ඕනම දෙයක් සීමාවක් ඇතිව නිවැරදි තේරුම්ගැනීමකින් පාවිච්චි කරනවානම් ගොඩක් හොඳයි.
ෆේස්බුක්, වයිබර්, ඉමෝ මේ හැමදේම අද තරුණ පරපුර පාවිච්චි කරනවා.
අනියම් ඇසුරවල්ද මේ නිසා ගොඩක් දුරට ඇතිවෙනවා කියන එක අද කවුරුත් දන්නවා.
ඒ විදිහට යුගදිවියට පා යුවළක් ගැන ලියවුණු අපූරු ලියමනක් අපිට ලැබුණා.
මෙහි තියෙන්නේ ස්වාමියා නිවස තුල ඉතාමත් දැහැමි ජීවිතයක් ගතකරන හැටිත් නිවසින් පිටට ගිය පසු ඔහු හැසිරෙන ආකාරයත් ගැනයි.
ඔබම මෙය කියවලා බලන්නකෝ…

නිදිමරා දයාබර බිරිඳ
පිළියෙල කළ බත්මුල රැගෙන
දී හාද්දක් ඈ සනසා
පිටව යයි රැකියාවට
ආදරණීය සැමියෙකු සේ…
යනවිට බසයේ FB
Viber, imo, message
යවයි තනිකඩයෙකු සේ
Office එකේදීද ඇසිලක්
ලද විගය
සුවදුක් විමසා බලයි
හිතමිතුරු පෙම්වතියන්ගේ…
හවස 6 න් පසු Offline ගොස්
කීකරු සැමියෙකු වෙයි
අහිංසක බිරිඳ ළඟ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!