Gossip

තමන්ගේ ග්ලවුස් දෙක ඉල්ලපු රසිකයෙක්ට උපුල් තරංග කරපු දේ ෆේස්බුක් එකට

උපුල් තරංග කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත නිහතමානී ක්‍රීඩකයෙක්.

ඉතින් උපුල් තරංග ගැන සමාජජාලවල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

ඒ උපුල් තරංගගෙන් අත් ආවරණ ඉල්ලූ රසිකයෙකුට උපුල් තරංගගෙන් ලැබුනු අපූරූ ප්‍රතිචාරය නිසායි.

පුබුදු කැලුම් නම් මෙම ක්‍රිකට් රසිකයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ

” උපුල් අයියගෙන් ලැබුනු අමතක නොවන තවත් සිහිවටනයක් කියලායි. එම සටහන පහතින්

උපුල් අයියාගෙන් මන් ග්ලවුස් 2 ඉල්ලුවා. ඔහු කිව්වා නිදහස් කුසලානේ ඉවර වෙලා දෙන්නම් කියලා. නමුත් ඔහූ එදා ගොඩක් කාර්යය බහුල ඌ නිසා ග්ලවුස් දෙක දෙන්න බැරි උනා. ඒත් ඔහු බස් එකට නගිද්දිත් ඔයාට මන් ග්ලවුස් අනිවාරේන් දෙන්නම් කිව්වා. ඊයේ සුපිරී පළාත් තරගාවලියේ අවසන් දින ඔහු පොරොන්දූ වූ පරිදී මට ග්ලවුස් දෙක දුන්නා. ඔහූ ඉන් නොනැවති ඔහූ ඉතා නිහතමානීව සූරියවැව සිට කොලඹට තමන්ගේම වාහනේ මාව ගෙනත් ඇරලුවා. චතුරංග මල්ලිවත් ආදරේන් මතක් කරනවා ඔහුත් අප සමග සිටියා. මෙය ජිවිතේ අමතක නොවන දවසක් . ඔහුගේ ඒ නිහතමානී ගති පැවතුම් නිසා උපුල් තරංග හැමදාමත් ලොකු කුඩා කවුරුත් ආදරය කරන චරිතයක් වී හමාරය. ගොඩක් ස්තුතියි උපුල් අයියේ ජය වේවා බුදුසරණයි ” යනුවෙනි.

එම සටහන පහතින් ,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!