Gossip

හිතන්න පුළුවන්ද මේ අවුරුදු 23ක තරුණයෙක් කියලා – හැමදේම කරන්නේ අම්මායි තාත්තායි – ඇස්වල කඳුළු පුරවගෙන පියා කිව්ව සංවේදී කතාව

අපේ මේ ජීවිතේ සමහර දේවල් සිද්ධ වෙන්නේ අපි කරපු පව් පින් අනුව.
ඒකයි බෞද්ධයන්ගේ විශ්වාසය.
සමහර ජීවිත ලස්සනට ගෙවෙද්දි තවත් සමහර ජීවිත ගෙවෙන්නේ දුක් ගොඩක් එක්ක.
මේ අපි කියන්න යන්නෙත් ජීවිතේ දුක්විඳින තරුණයෙක් ගැනයි.
1995 ඉපදුනු මේ තරුණයාට දැන් වයස අවුරුදු 23 ක්.
Manpreet Singh නම් මේ තරුණයා ඉන්නේ ඉන්දියාවේ පංජාබ්වල. ඔහුගේ බර කිලෝ ග්‍රෑම් 5යි.
දැකපු ගමන්ම හිතෙන්නේ මොහු අසාමාන්‍ය දරුවෙක් කියලයි හිතෙන්නේ.
අවුරුදු 23 ක් වුණත් මොහුව දැක්කම හිතෙන්නේ අවුරුදු තුනහමාරක විතර පෙනුම තියෙන දරුවෙක් කියලයි.
තමන්ගේ වැඩක් තනියම කරගන්න මේ තරුණයාට බැහැ.
ඒ හැමදේම කරන්නේ දෙමව්පියෝ.
අඩුම තරමින් කෑම බීමවත් ඔහුට තනියෙන් ගන්න බැහැ.
මේ තරුණයා ගැන ඔහුගේ පියා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“පුතාට අවුරුද්ද පහුවෙද්දි අපි හිතුවා වෙන දරුවෝ වගේ හොදට හැඳෙයි කියලා. නමුත් ඒත් ඒ හැමදේම බොදවෙලා ගියා. අවුරුදු තුනක් හතරක් වෙද්දී අපි පුතාව ඉන්දියාවේ ඉන්න බොහෝ වෛද්‍යවරුන් ලගට එක්කගෙන ගියා. නමුත් හැමෝම කිව්වේ ඔහු හෝමෝන සමබර නැහැ කියලයි. ඒ නිසයි ඔහුගේ ශරීරය වැඩෙන්නේ නැත්තේ. පුතා නිතරම අඩනවා. හිනාවෙනවා හරිම අඩුයි. මේ ගමේ හැමෝම පුතාට සලකන්නේ දෙවි කෙනෙකුට සමානව. මිනිස්සු පුතාව අදහනවා. පුතා දෙවි කෙනෙක් වෙන්න ඇති කියලයි කියන්නේ. හැමෝම එයාව හොයාගෙන එනවා. පුංචි ළමයි පවා එයා එක්ක සෙල්ලම් කරන්න කැමතියි. ඔහුගේ කටහඩ සතෙකුට සමානයි..අපි හරියට දුක් වෙනවා එයාගේ අනාගතය ගැන..”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!