Gossip

රාජකාරී වේලාව තුළ මීගමුව බන්ධනාගාරයේ මගුල් නැටිල්ලක් – අහුවෙච්ච දෙන්නම බැඳපු අය

මීගමුව බන්ධනාගාරයේ විවාහක කාන්තා නිලධාරිනියක හා විවාහක ජේලර්වරයකු විවේක කාමරයක්‌ තුළ රාජකාරී අවස්‌ථාවේ අනියම් පෙම් සුව විඳිමින් සිටියදී ප්‍රධාන ඡේලර්වරයාගේ අතටම හසුවී තිබේ.

මේ වනවිට මේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් බන්ධනාගාර මූලස්‌ථානය වාර්තාවක්‌ ඉල්ලා ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලයක සිට පවතින මොවුන් දෙදෙනාගේ අනියම් පෙම නිසා මීගමුව බන්ධනාගාරයේ සෙසු බන්ධනාගාර නිලධාරිනියන් ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති.

අනියම් ප්‍රේමය නිසා වරක්‌ විනය පරීක්‍ෂණයකටද මුහුණ දුන් මෙම දෙදෙනා තැන නොතැන නොබලා නිල ඇඳුම් පිටින්ම පෙම් සුව විඳීමට පුරුදුව සිටීම නිසා තමන්ට නිල ඇඳුම ඇඳගෙන සමාජය ඉදිරියට පවා යා නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි මීගමුව බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීහු පවසති.

තමන් ඒ පිළිබඳ බන්ධනාගාර ප්‍රධානීන්ට කොතෙක්‌ පැමිණිලි කළ ද මේ දක්‌වා දෙපාර්තමේන්තුව ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගත් බව ද ඔවුහු කියති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!