Gossip

ජේ.වී.පී සහය රනිල්ට? ජාතික පුවත්පතක ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය නිසා විජිත හේරත් කියපු දේ

ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට දැක්වෙන ව්‍යාජ පුවතක් ජාතික පුවත්පත් වෙබ් අඩවියක් වාර්තා කර තිබෙන බවත් එය සම්පූර්ණයෙන් වැරදි පුවතක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

අද පැවති සාකච්ඡාවේදී පැවසුවේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමත්, පාර්ලිමේන්තුව කල් දැමීමත් නිවැරැදි නොවන ක්‍රියාවක් බවයි. එමෙන්ම මෙම ප්‍රශ්නය විසඳගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස පමණක් ඉල්ලීම් කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කරපු පක්ෂයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

නමුත් මෙය ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සිදු කළ ක්‍රියාවක් නිසා එය හෙළා දකින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!