Gossip

අරලියගහ මැදුරේදී රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගැනීම ගැන හෙළිදරව්වක් – ආරක්ෂක ලේකම් ඇත්ත පහදයි

අරලියගහ මන්දිරයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පසුගියදා ප්‍රකාශ කළා.

නමුත් එම ප්‍රකාශය ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

තමාට එවැනි උපදෙසක් කිසිවකු හෝ ලබා දී නැතැයිද, තමාද කිසිවකුට එවන් උපදෙසක් දී නැතැයිද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරනවා.

කෙසේවෙතත් මන්ත්‍රීවරයකු මෙවන් ප්‍රකාශයන් කරද්දී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. එමෙන්ම එම චෝදනාව ඔහු තරයේ ප්‍රතික්ෂේප කරන බවත් කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!