Gossip

ජීවිත සටනින් පරාජය වුණු ගුවන් සෙබලා අවසන් ගමන් යයි – තවත් 5 ක් රෝහල යැවූ අවාසනාවන්ත සිද්ධිය මෙන්න

ගුවන් හමුදා නිලධාරියකු ඇතුළු පිරිසක් ගමන් කල ඩිෆෙන්ඩර් රථයක් සාලිය වැව 18 කනුව ප්‍රදේශයේදි අද(15) සවස පෙරළි යාමෙන් රියදුරු මරණයට පත්ව, බරපතළ තුවාල ලැබු තවත් පස් දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ ගුවන් හමුදා රියදුරු 017739 එල් .ඒ. සී. රුවන් ප්‍රදිප් රණසිංහ (28) නැමති අනුරාධපුර තලාව කුඹුක්කන්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්..

අනතුරින් තුවාල ලැබු සෙසු පිරිස අතර බළගණ නායක දිසානායක නැමති නිලධාරියා සමඟ සෙසු නිළයන් සිව් දෙනෙකු සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

අනතුරින් බරපතළ ලැබු නිළධාරියා ඇතුළු පිරිස කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගමන් කරමින් සිට තිබෙනවා..

අදාල පිරිස ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය අධික වේගයෙන් ගමන් කර ඇති බවත් සාලිය වැව 18 කනුව ප්‍රදේශයේදි කිසියම් හේතුවක් මත එකවරම පෙරළි ගොස් ඇති බවත් එය වට පහක් කැරකි ගොස් මිටර් 100 කට ආසන්න දුරකදි නැවති ඇති බව පොලිස් මුලික විමර්ශනවලදි හෙළිවි තිබෙන්නේ.

අනතුරත් සමඟ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රියේ ගමන් කල රියදුරු සමඟ සිටි ඉතිරි පස් දොනාම ජීප් රථයෙන් එළියට විසිවි ඇති බවද පොලීසිය පවසනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තුවාලකරුවන් අතරින් තිදෙනෙකු පුත්තලම මුලික රෝහලට දෙදෙනෙකු අනුරාධපුරට ශීක්ෂණ රෝහලටත් තවත් අයෙකු නොච්චියාගම රෝහලටත් ඇතුළු කර ඇති බවත් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල තිදෙනාගෙන් එක් අයකු මරණයට පත්ව ඇති බවත් එසේ මරණයට පත්ව ඇත්තේ ජීප් රථයේ රියදුරා ලෙස ද හඳුනා ගෙන තිබෙනවා.

එසේම පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල තවත් අයෙකුගේ තත්ත්වය බරපතළ නිසා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර සාලිය වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉදුනිල් රණවිර මහතා සමඟ රථවාහන අංශ නිලධාරින් පරික්ෂණ අරඹා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!