Gossip

ජීවත් වෙන්නේ යන්ත්‍රයක් ආධාරයෙන්.. වැඩ කරන්නේ එකම එක ඇඟිල්ලයි” එක ඇඟිල්ලකින් පොත් 3 ක් ලියා ලෝකයම හෙල්ලූ ලංකාවේ තරුණයා – වීඩියෝ

ජීවිතේ එන ප්‍රශ්නවලින් පැනලා ගිහින් ජීවිත පවා නැතිකරගන්න මිනිස්සු මැද අභියෝගවලට මුහුණ දීලා ජීවිත ජයගත්ත මිනිස්සුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා.
තමන්ගේ පේෂි පද්ධතිය වයස අවුරුදු 18 දි බිදවැටිලා ඇදට සීමාවූ ලංකාවේ තරුණයෙක් ජිවිතය ජයගත්ත හැටි දැක්වෙන වීඩියෝවක් ලොව ජනප්‍රියතම සමාජජාලා වීඩියෝ නිෂ්පාදකයෙකු වන නුසීර් යසීන් විසින් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
අලුත්ගම පැත්තේ ජීවත් වන ඉර්ෆාන් හෆීස්ට වයස අවුරුදු දහ අට වන විට පේශී පද්ධතිය බිද වැටීමේ රෝගයට ලක්වී තිබෙනවා.
එතැන් සිට යන්ත්‍රයක ආධාරයෙන් තමයි ඉර්ෆාන් ජීවත් වන්නේ.
ඔහුට ක්‍රියා කරවිය හැක්කේ එක ඇඟිල්ලක් පමණයි.
ඇදට සීමා වූ ඉර්ෆාන් තමන්ට ක්‍රියා කළ හැකි වූ එකම ඇඟිල්ලෙන් සිය ලැප්ටොප් පරිගණකයේ සහ ඇපල් දුරකථනයෙන් යතුරු ලියනය අරඹලා.
පසුව තනිව ඉංග්‍රීසි බස ඉගෙනීම ඔහු විසින් අරඹා ඇති අතර ඉර්ෆාන් මේ වන විට දුරකථනය හා පරිගණකය ආධාරයෙන් ග්‍රන්ථ තුනක් ලියා අවසන්.

ඉර්ෆාන් පිළිබදව ලොවම දැනගත් වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!