Gossip

අලුත්ම රැල්ල මෙන්න – සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝග කරයි – වීඩියෝ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි කෝලි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් කර තිබෙනවා.
මෙම අභියෝගය කෝලි විසින් කර තිබෙන්නේ සමාජමාධ්‍ය හරහායි.
ඒ ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන්.
එම අභියෝගය ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පිළිගෙන තිබෙනවා.
ඉන්දීය ක්‍රීඩා අමාත්‍ය රාජ්යවන්ද්‍රන් රාතෝර් විසින් සමාජ මාධ්‍ය හරහා මෙම අභියෝගය විරාත් කෝලි වෙත පළමුව ඉරිදිපත් කර තිබුණා.
එම අභියෝගය කෝලි සම්පූර්ණ කිරීමෙන් පසුව කෝලි සිය ට්විටර් ගිණුම හරහා ඔහුගේ බිරිඳ වන අනුෂ්කා ශර්මා, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණිට එම අභියෝගය ලබා දී තිබෙනවා.
එම අභියෝගයට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කෝලිගේ අභියෝගය තමන් භාරගන්නා බවත් තමන් එම එම අභියෝගයට මුහුණදෙන වීඩියෝව ළඟදීම බලාපොරොත්තුවෙන් සිටින ලෙසත් සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කරමින් පිළිතුරු ලබාදී තිබුණා.
‘ෆිට් ඉන්දියා’ ලෙස හඳුන්වන මෙම ශාරිරික අභ්‍යාස අභියෝගය මේ වනවිට ඉන්දියාව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!