Gossip

“ජා-ඇල පැත්තේ ‍පොහොර බෑග් එකක දාලා මිනියක් තියෙන බව ආරංචි වෙලා අපිව කැඳෙව්වා” අතුරුදන්වූ ජනප්‍රිය රංගන ශිල්පී උපාලි ගැන ඇසුණු සංවේදී කතාව

රිදී තිරයේ වගේම පුංචි තිරයේත් තම රංගන හැකියාව මනාව පෙන්වූ දක්ෂ නළුවෙක් තමයි උපාලි කීර්තිසේන.

ඔහු 2016 වසරේ පෙබරවාරි 3 වැනිදා අතුරුදන්වූ පුවත රටේ ලොකු කතාබහක් ඇති කළා.
තවමත් ඔහු ගැන කිසිදු තොරතුරක් නැහැ.
මේ උපාලිගේ මව සහ සහෝදරිය සතිඅන්ත පුවත්පතකට කියූ සංවේදී කතාවක්.

“අම්මගෙ ඇඟේ අසනීප තත්ත්වයක් තිබුණා. මීට කලිනුත් ඔපරේෂන් එකක් කළා. මල්ලිට වෙච්ච දේ ගැන හිතලම අම්ම ගොඩක් දුර්වල වුණා. අඬලා අඬලම ඇහැ තවත් නරක් වුණා….”

දැන් ඔය දෙන්නා තමන්ගේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද?
අයියගේ ළමයි උදව් කරනවා. මල්ලිගේ බැංකු ‍පොත් දෙකක සල්ලි තියෙනවා. ඒත් ඒවා ගන්න වුණත් අපි කාටවත් විදිහක් නැහැ.

ඇයි ඒ ?
ඒ සල්ලි ගන්න මල්ලිගෙ මරණ සහතිකේ ඉදිරිපත් කරන්න ඕනේ. අම්මා තදින්ම විශ්වාස කරන්නේ මල්ලි තවම ජීවතුන් අතර ඉන්නවා කියලයි.
කවදාහරි මල්ලි එයි කියන අදහසින් අම්ම තවමත් පාර බලාගෙන ඉන්නවා. ඉතින් කොහොමද මල්ලිගේ මරණ සහතිකයක් ගැන අම්ම එක්ක කතා කරන්නේ.
තමරාගේ කතාව සිහිපත් කරන්නේ “පුරහඳ කළුවර” චිත්‍රපටයේ කතාවමයි. වන්නි හාමිට (ජෝ අබේවික්‍රම) පුතාගේ මිනී පෙට්ටිය දැක්කත් ඔහු විශ්වාස කරන්නේ නැහැ තමන්ගේ පුතා මියගිය බව. ඒ තමයි අම්මා කෙනෙකුගේ, තාත්තා කෙනෙකුගේ ආදරයේ බල මහිමය.
“සාස්තර බැලුවා. අංජනම් බැලුවා, ගොඩක් අය කියන්නේ මල්ලිව හිරකරගෙන ඉන්නවා කියලයි. ඒ අතරේ අපිව රවට්ටලා මුදල් ගත්තු වංචාකාරයෝත් හිටියා. ඒත් අම්ම තවමත් ඒ දේවල් විශ්වාස කරනවා.”

මේ ප්‍රශ්නය නීතිය ඉදිරියටත් ගියා නේද?
මල්ලිත් එක්ක අන්තිමට ඔය ගමන ගිය කෙනාව තමයි අපිට සැක. එයා හරි කපටි මිනිහෙක්. අපි ‍පොලීසියටත් එයාව සැකයි කියලා කිව්වා.
එයා ‍පොලීසිය මගහැරියා. මම බොහොම උපායශීලී විදිහට එයාව ගෙදරට ගෙන්වා ගත්තේ. ඊට පස්සේ “ඔයා වැරදි නැත්නම් කට උත්තරයක් දෙන්න” කියලා ‍පොලීසියට එක්කරගෙන ගියා. ‍පොලීසිය එයාගේ කට උත්තරය අරගෙන ආපහු ගෙදර යැව්වා. දැන් එයා ආගිය අතක් නෑ. ජා ඇල තිබුණ එයාගේ සැලුන් එකත් වහලා දාලා.

දැන් ඊළඟට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ ?
වගකිවයුතු හැමෝටම බැගෑපත් වුණා. මගේ මල්ලී අවුරුදු දහයකින් හරි එනවා නම් අපි කැමතියි. ඒත් ඇත්තටම එයාගේ ජීවිතේට මොනා හරි වෙලා නම් අපි ඒක තහවුරු කරගත යුතුයි නේද? අර සැකකාර පුද්ගලයාගේ සැලොන් එක තිබුණේ ජා ඇල. මල්ලි නැතිවුණ අලුත ජාඇල පැත්තේ ‍පොහොර බෑග් එකක දාලා මිනියක් තියෙන බව ආරංචි වෙලා අපිව කැඳෙව්වා.

ඔබලා ඒ සිරුර හඳුනාගත්තද?
නැහැ. ඊට පස්සේ ආයේම ඒක අතුරුදන් වෙලා කියලා දැනගන්න ලැබුණා. තවත් මාස ගණනකට පස්සේ අපිට ආයෙම කැඳවීමක් ලැබුණා.
ශරීරයේ කොටස් හමුවෙලා තියෙන බවත්. ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් මේක මල්ලිගේ ශරීරයමද කියලා තහවුරු කරගන්න පුළුවන් බවත් දන්වලා. අම්මා අසනීපයෙන් සිටි නිසා මම ගිහින් ඒ පරීක්ෂණයට මුහුණ දුන්නා. අද වනතුරු ඒකේ කිසිම වාර්තාවක් නැහැ. අපි ගොඩක් දැන උගත් සමාජය ගැන ලොකු අවබෝධයක් තියෙන අය නමෛයි.
අපි දන්නෑ ඩී.එන්.ඒ. පරීක්ෂණයක ප්‍රතිඵල එන්න කොයි තරම් කාලයක් ගතවෙනවද කියලා. 2017 දී විතර තමයි ඒ පරීක්ෂණය කළේ. අපි ප්‍රතිඵල එනකල් තවමත් මග බලාගෙන ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!