Gossip

ජනප්‍රිය නිළියගේ දියණිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග යුග දිවියට

ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධනගේ දියණිය කවීෂා කාවින්දි පසුගියදා යුග දිවියට පිවිසෙලා තිබෙනවා.

ඒ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමගයි.

කවීෂා “සිංහ මචං චාලි” චිත්‍රපටයෙන් රංගනයට පවා පිවිසුණා.

කොහොමවුණත් ඇය ඊට පසු විදේශගත වෙලා හිටියේ. කවීෂා විවාහයට තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ.

ඉතින් ශෙහාන් ඇයව හමුවූ විදිය ගැන මාධ්‍යයට කියලා තිබුණේ මේ විදියට.

“මුලින්ම මම කවීෂාව දැක්කේ FB එකෙන්. එතකොටත් මම දැනගෙන හිටියා කවීෂා නිළියෙකුගේ දියණියක් කියලා. මම Request එකක් දැම්මේ මිතුරියක් වගේ ඇසුරු කරන්න හිතා ගෙනයි. කාලයක් අපි දෙන්නා යාළුවෝ වගේ තමයි Chat කළේ. ඔය විදියට ඉද්දී තමයි මගේ හිතේ ඇය ගැන පැහැදීමක් ඇති වුණේ. මම කෙළින්ම මගේ අදහස කවීෂාට කිව්වා. ඊට පස්සේ කවීෂා Message කරන එක නතර කළා.”

ඉතින් ඒකට කවීෂා උත්තර දුන්නේ “හොඳ යාළුවෝ වගේ ඉඳලා එකපාරටම ඒ වගේ යෝජනාවක් ගෙනාවම මට තරහක් ඇති වුණා. ඒකයි Message කරන එක නතර කළේ. ඒත් ෂෙහාන් දිගින් දිගටම Message කළා. කාලයක් යද්දී මම ආයෙම එයාට උත්තර දුන්නා. ඊට පස්සේ තමයි මේ තරම් ආදර කතාව දුරදිග ගියේ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!