Gossip

ජනපති පුටින් යළිත් විවාහ වෙන්න සැරසෙයි

යළි විවාහ වෙන්න තමාගේ අදහසක් ඇති බව රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

මේ වන විට 66 හැවිරිදි වියේ පසුවන ඔහු විවාහවීමේ අදහසක් ඇති බව පැවැසුවත්, තමා විවාහ වන්නේ කවුරුන් සමඟදැයි පවසා නැහැ.

පුටින් මේ බව පවසා ඇත්තේ වාර්ෂික මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

පුටින් 1983 වසරේ සිට 2013 තෙක් කාලය පුරා විවාහ වී සිටියේය. පුටින්ගේ බිරිඳ වූයේ ලියුද්මිලා පුටීනා ය. නමුත් මේ දෙදෙනා 2013 දී දික්කසාද වුණා. පුටින්ට, කැතෙරිනා සහ මරියා යනුවෙන් 30 හැවිරිදි වියෙහි පසුවන දියණියෝ දෙදෙනෙක් ද සිටිනවා.

2013 වසරේ දී ලියුද්මිලාගෙන් වෙන් වීමෙන් පසු පුටින්, රුසියානු ඔලිම්පික් ජිම්නාස්ටික් ශූරියක වන ඇලීනා කබේවා සමඟ සම්බන්ධයක් පැවැත්වූ බව එරට පුවත්පතක් මීට වසර කීපයකට පෙර වාර්තා කර තිබුණා. ‍

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!